
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද විධායක නියෝගයකට අනුව පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
AFCP, USAID ව්‍යාපෘති ගණනාවක් මෙම පියවර මගින් ක්ෂණිකව අත්හිටුවා ඇතැයි ද පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
මෙම තීරණය හේතුවෙන් බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපෘති පහක් ද ඇනහිට ඇති බව වාර්තා වෙයි.
අමෙරිකාවේ මෙම පියවර පාකිස්තානයේ ක්‍රියාත්මක සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, ජීවනෝපාය සහ ආහාර සුරක්ෂිතතාව, ගංවතුර, දේශගුණය සහ අධ්‍යාපනය සම්බන්ධ බොහෝ ව්‍යාපෘතිවලට ද බලපෑම් එල්ල කරනු ඇතැයි පැවසෙයි.



















































