
දකුණු කොරියාවේ බූසාන් හි ගුවන් තොටුපොළකින් ගුවන්ගත කළ එයාර්බස් ගුවන්යානයක ඇතිවූ ගින්නක් හේතුවෙන් යානය ආපසු ගොඩබස්වා එහි සිටි මගීන් 176 ඉවත් කරගෙන තිබේ.
ඉන් සිවුදෙනෙක් සුළු තුවාල ලබා ඇති අතර, ගින්න පාලනය කර අනතුර වළක්වා ගැනීමට බලධාරීන් සමත්ව තිබුණි.
මීට මාසයකට පමණ පෙරාතුව එරට මුආන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සිදුවූ ගුවන් අනතුරකින් යානයේ සිටි මගීන් 179 දෙනෙක් මරුමුවට පත්වුණි.





















































