
තයිකොන්ඩෝ ක්‍රීඩකයෙක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු සතුව චීන හැඳුනුම්පත් තිබීම හේතුවෙන් ඔවුන්ගේ තායිවාන පුරවැසිභාවය අවලංගු කර ඇති බව පැවසෙන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තායිවාන බලධාරීන් විසින් සිද්ධිය පිළිබඳ තොරතුරුවල සත්‍යතාව තහවරු කරගැනීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.
තායිවාන පුරවැසියන්ට චීන ගෘහ ලියාපදිංචිය හෝ චීනයෙන් විදේශ ගමන් බලපත්‍රයක් තිබීම තහනම් වෙයි.





















































