
වැල්ලවත්ත සහ බදුල්ල පොලිස් වසම්වලදී දුම්රියේ ගැටී කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (13) එම සිදුවීම් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මාතර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටී කාන්තාවක් මියගොස් තිබේ.
වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී අදාළ කාන්තාව දුම්රියේ ගැටී ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, මාතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි කාන්තාවකි.
මේ අතර බදුල්ල සිට නාවලපිටිය බලා ධාවනය වූ දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.
දෙයියන්වෙල ප්‍රදේශයේදී ඔහු දුම්රියේ ගැටී තිබුණි.
එලෙස මියගොස් ඇත්තේ, දෙයියන්වෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි පුද්ගලයෙකි.
















































