header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ඊශ්‍රායල් කෘෂි රැකියා සඳහා සිදුකරන ශාරිරික යෝග්‍යතා ගැන විශේෂ නිවේදනයක්
Jan 10, 202505:29 PM
ඊශ්‍රායල් කෘෂි රැකියා සඳහා සිදුකරන ශාරිරික යෝග්‍යතා ගැන විශේෂ නිවේදනයක්
Mobitel 1278

පසුගිය රජය සමයේ සිටි දේශපාලඥයින් විසින් සුදුසුකම් නොමැති පුද්ගලයින් ඊශ්‍රායල් කෘෂිකාර්මික රැකියා සඳහා යොමු කිරීම හේතුවෙන් ගැටළු රැසක් මතුව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් සභාපතිවරයා පැවසුවේ එම ශ්‍රමිකයින් සේවා ස්ථානවලින් පලාගොස් වෙනත් රැකියාවල නිරතවීම හේතුවෙන් 10,000ක් වූ ඊශ්‍රායල් කෘෂි රැකියා කෝටාව මෙරටට අහිමි වූ බවය.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,

“දේශපාලඥයින් පොරොන්දු දීලා මුදල් අරගෙන අවුරුදු දෙකක් තිස්සේ 5000 ක විතර පිරිසක් බලා ඉන්නවා රට රස්සාවට යන්න. මීට පෙර නිසි නියාමනයකින් තොරව පුද්ගලයින් තැන් තැන්වලින් රැගෙන ඇවිත් පිටත් කරලා තියෙනවා. කාර්යාංශයටත් බලපෑම් කරමින් දේශපාලකයින්ගේ හිතවතුන් වාහනවලින්, බස්වලින් රැගෙන ඇවිත් තමයි යොමුකරලා තියෙන්නේ. එහෙම වුනාම රටක් විදිහට රැකියා වෙළඳපොල අපි රැකගන්නේ කොහොමද, අපි ඒකට සුදුසු පියවර ගන්නවා. කවුරුහරි කියනවා නම් අපි අනවශ්‍ය දෙයක් කළේ කියලා එහෙම නෑ.

පසුගිය කාලයේ ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යවන්න 10,000 ක පමණ කෝටාවක් ලැබී තිබුණා. ඉන් 2000ක් පමණ ශ්‍රමිකයින් ඊශ්‍රායලයට යොමුකරලා තිබුණා. නමුත් නිසි නියාමනයකින් තොරව නුසුදුසු ශ්‍රමිකයින් ඊශ්‍රායලයට යැවීම හේතුවෙන් ඔවුන් සිය වෘත්තිය කරන්නේ නැතුව සේවා ස්ථානවලින් බැහැර වෙලා විවිධ ස්ථානවල සේවය කරන පසුබිමක් නිර්මාණය වෙලා. ඒ හේතුවෙන් කෘෂි රැකියා කෝටාව නතර කරන්න ඊශ්‍රායල් රජය කටයුතු කරලා තිබුණා.

අපි මේ රැකියා අවස්ථා යළි පණගන්වන්නේ කොහොමද කියලා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එහිදී ඔවුන් කිව්වේ මේ රැකියාවලට සුදුසු, ඊට සරිලන ශාරීරික යෝග්‍යතාවයෙන් යුත් ශ්‍රමිකයින් එවනවා නම් යළි සලකා බලන්න පුළුවන් කියලා. ඒ නිසා අපි ශ්‍රි ලංකා යුධ හමුදාව හා සෞඛ්‍ය අංශ සමග එකතු වෙලා සෞඛ්‍ය සම්බන්ධයෙන් තිබිය යුතු කාරණා නිසි නියාමනයකට යටත් කරලා වැඩපිළිවෙලක් හදලා පුද්ගලයින්ව අපි මාස එක හමාරක කාලයක් තිස්සේ දැනුවත් කලා. මේ රැකියා අවස්ථා අපිට නැතිවෙන්න යන්නේ, 5000ක විතර පිරිසක් පොරොන්දු වෙලා ඉන්නවා පහුගිය රජය යටතේ, වෛද්‍ය පරික්ෂණ වලට සල්ලි බැඳලා තියෙනවා, පුහුණු වෙලා තියෙනවා. කණකර ආභරණ උගස් තියලා සල්ලි බැඳලා තියෙනවා. ඒකෙදි අපි තීරණය කලා මේ හැම ප්‍රශ්නයකටම විසඳුමක් වශයෙන් කතා කරලා මේ රැකියා ලබාගන්න වැඩපිළිවෙලක් සකසන්න.

ඒ අනුව කලින් සඳහන් කරපු නිර්ණායක අනුව මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි මේ රැකියා අපේක්ෂිතයින් කැඳවලා දැනුවත් කරලා සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වුවා. රැකියා අවස්ථා යළි ලබාගන්න නම් මේ වගේ වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක කරන්න වෙන්නේ. නැත්නම් මේක අහෝසි වෙලා යනවා, කෘෂි අංශයෙන් කිසිම ශ්‍රමිකයෙක් එවන්න එපා කියලා තියෙන්නේ කිව්වම ඔවුන් එකග වුණා අපි මේ පරීක්ෂණය කරන්න ලෑස්තියි. කොහොමහරි මේ රැකියා අපිට ලබාදෙන්න කියලා.

ඒ අනුව ඔවුන්ගේ පුද්ගලික කැමැත්ත සහිතව තමයි මේ පරීක්ෂණය පැවැත්වුවේ. අපි මේ පරීක්ෂණයට කලින් වෛද්‍ය වාර්තා අරන් එන්න කිව්වා. ඇතැම් අය ECG පරීක්ෂණ වාර්තා අරන් ඇවිත් තිබුණෙ නෑ. ඒ අවස්ථාවේ මම උපදෙස් දුන්නා ECG යන්ත්‍ර අරන් ඇවිත් පරීක්ෂණ කරන්න කියලා. 600 ක වගේ කණ්ඩායමකින් අපි 500 ක් වගේ තෝරන්න තිබුණා.

එහිදි සිදුවුණ සුළු සිදුවීමක් නිසා ඇතැම් මාධ්‍ය වාර්තා කලා දරාගන්න බැරි පරීක්ෂණ පැවැත්වුණා. පීඩාවට ලක්කලා, හමුදාවට දෙන පරීක්ෂණයක් කලේ කියලා. සාමාන්‍ය ශරීර සෞඛ්‍යය යෝග්‍යතාව තියෙන පුද්ගලයෙකුට දුවන්න පුළුවන් වේගේ තමයි ගත්තේ. කිලෝමීටර් 2ක දුරක් විනාඩි 10/12 ක කාලයකින් දුවන්න තිබුණේ. මේ පරීක්ෂණය 80%ක විතර පිරිසක් සමත්වුණා.

ඊට කලින් දින 3ක් නිදිවරපු තරුණයෙක් හා යම් අසනීප තත්ත්වයක් තිබෙන පුද්ගලයෙක් ක්ලාන්ත වුණා. නමුත් වෙනත් කිසිම තදබල අසනීප තත්ත්වයක් කිසිම පුද්ගලයෙකුට ඇතිවෙලා තිබුණේ නැ. අසනීප වෙලා රෝහලට ඇතුලත් කරපු තරුණයින් දෙදෙනාත් ඉතා ඉක්මණින් රෝහලින් පිටව ගියා. පූර්ණ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරමින් තමයි අපි මේ පරීක්ෂණය පැවැත්වුවේ. අවශ්‍ය වුනොත් ගන්න ගිලන් රථයක් සූදානම් කලා. සෞඛ්‍ය අංශ, කාර්යාංශ නිළධාරීන් මේ පරීක්ෂණය අධීක්ෂණය කිරීමට යොදවනු ලැබුවා.

අපි මේ නිසි ශාරීරික සුදුසුකම් ලැබූ ශ්‍රමිකයින් පිටත්කර හැරීමත් සමග බලාපොරොත්තු වෙනවා මේ ශ්‍රමිකයින් හොඳින් වැඩකරගෙන ඉදියි කියලා. ඒ සමගම තවත් ශ්‍රමිකයින්ට ඊශ්‍රායලයේ කෘෂි රැකියා ලැබෙවි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි තරුණයින්ට කියන්නේ මේ ශාරීරික යෝග්‍යතා සඳහා සහභාගි වෙන්න, ඒ හරහා මේ රැකියා අවස්ථා යළි අපි ලබාදෙනවා. ඒක අපේ වගකීමක්.”

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

 ඉහළ ගිය ඉන්ධන මිල රටටම දැනුන හැටි | “සුරංගනා කතා කොච්චර කියනවා ද? මිනිස්සු ෆුල් අසරණයි... "

ඉහළ ගිය ඉන්ධන මිල රටටම දැනුන හැටි | “සුරංගනා කතා කොච්චර කියනවා ද? මිනිස්සු ෆුල් අසරණයි... "

 ඉන්දියාවෙන් පැන්න අජිත් ලංකාවේදී කොටු වූ හැටි

ඉන්දියාවෙන් පැන්න අජිත් ලංකාවේදී කොටු වූ හැටි

මාලිගාවත්තේ මහ පාරේ දෙපිරිසක් මරාගනී..  බිහිසුණු ගැටුම CCTV කැමරාවේ

මාලිගාවත්තේ මහ පාරේ දෙපිරිසක් මරාගනී.. බිහිසුණු ගැටුම CCTV කැමරාවේ

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

රනිල්ගේ ආරක්ෂකයෙකුගේ සිරසට පහරක්

 ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

ජපානයේදී රුමේෂ්ට විශේෂ උපහාරයක් තෑග්ගට මෝටර් රථයක්...

 අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

අධිකරණයට ආ හිටපු ජනපති රනිල්

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

නාමල් අදත් නිල්පාට බස් එකෙන් අධිකරණයට

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

Lassana Flora
Spotlight
  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ