
මරදාන සිට ගාල්ල දක්වා ධාවන වූ රාත්‍රි තැපැල් දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙම පුද්ගලයා ඊයේ රාත්‍රීයේ දුම්රියේ ගැටී තිබුණේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාල මාවතේ පිහිටි දුම්රිය ගෙට්ටුව අසලදීය.
එලෙස මියගොස් ඇත්තේ, අම්බලන්ගොඩ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙකි.
මරණකරුගේ බිරිඳ මින් පෙර අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බවත් ඒ හේතුවෙන් ඔහු නිවසේ තනිව වාසය කරමින් සිට ඇති බව අනාවරණය වන බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.



















































