header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
සයුරෙන් එතෙර
හූති කැරලිකරුවන්ට ඊශ්‍රායලයෙන් ප්‍රබල ප්‍රහාරයක්
Dec 27, 202405:39 PM
හූති කැරලිකරුවන්ට ඊශ්‍රායලයෙන් ප්‍රබල ප්‍රහාරයක්
Mobitel 1278

ඉරානයේ සහාය ලබන යේමනයේ හූති කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත ඊශ්‍රායල හමුදා ඊයේ (26) ප්‍රබල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

සානා අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඇතුළු ඉලක්ක වෙත මෙම ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉන් අවම වශයෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව හූති මාධ්‍ය කාර්යාලය පවසයි.

ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ගෙබ්‍රියේසස් ද යේමනයේ සානා ගුවන්තොටුපොළේ සිටි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු හූති කැරලිකරුවන් විසින් රඳවාගෙන සිටි එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් මුදාගැනීම මෙන්ම එහි මානුෂීය වාතාවරණය පිළිබඳ ඇගයීමක් සිදුකිරීමට යේමනයට ගොස් සිටි බව සඳහන් වේ.

යේමන සංචාරය නිමවා නික්මීමට ගුවන් යානයකට ගොඩවන විට ඊශ්‍රායල ප්‍රහාරය සානා ගුවන්තොටුපොළට එල්ල වී ඇත.

මේ හේතුවෙන් ඔහු ගමන්කිරීමට නියමිතව තිබූ යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ද තුවාල ලබා තිබේ.

සානා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් ගමන් පාලක කුලුන සහ පිටවීමේ පර්යන්තයට මෙන්ම ගුවන් ගමන් ධාවන පථයට ද ඊශ්‍රායල ප්‍රහාරයෙන් හානි සිදු වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාම සනාථ කර ඇත.

කෙසේ නමුත් සිද්ධිය සම්බන්ධයෙන් ඊශ්‍රායලය නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව සඳහන් විය.

යේමනයේ බහුතර ප්‍රදේශයක පාලන බලය අත්පත් කරගෙන සිටින හූති කැරලිකරුවන්ට එරෙහි මෙම ප්‍රහාරය ගැටුම් උත්සන්න කිරීමේ පියවරක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් හඳුන්වයි.

සානා ගුවන්තොටුපලට අමතරව යේමනයේ බටහිර වෙරළාසන්න ප්‍රදේශයේ පිහිටි හොඳෙයිදා, සාලිෆ් සහ රාස්-කාන්ටිබ් කියා වරාය තුනේ හමුදාමය යටිතල පහසුකම්වලට ද ඊශ්‍රායලය විසින් ප්‍රහාර එල්ල කර තිබේ.

යේමන විදුලි බලාගාර දෙකක් ඊශ්‍රායල ප්‍රහාරවල ඉලක්ක බවට පත්ව ඇත.

හූති පාලනය සහිත සාබා ප්‍රවෘත්ති සේවය ප්‍රකාශ කළ ආකාරයට, ඊශ්‍රායල ප්‍රහාරයෙන් තවත් 40 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

කෙසේ නමුත් ඊශ්‍රායල ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව අල්-මසීරා රූපවාහිනිය ඔස්සේ හූති සංවිධානය ද ප්‍රකාශ කර ඇත.

ගාසා තීරයේ පලස්තීනුවන්ට සහෝදරත්වය පළ කිරීමට යැයි පවසමින් යේමනයේ හූති කැරලිකරුවන් පසුගිය වසරක පමණ කාලය පුරාම ඊශ්‍රායලය දෙසට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීම දක්නට ලැබුණි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායල රූපවාහිනී සේවාවක් ඔස්සේ පවසා සිටියේ, මෙය හූති කැරලිකරුවන්ට එරෙහි මෙහෙයුමක ආරම්භයක් පමණක් බවයි.

ඊශ්‍රායල අගමැතිවරයා මේ වනවිට සතුරු පාර්ශ්ව කිහිපයක් සැලකිය යුතු අන්දමින් මර්දනය කිරීම නිසා රට තුළ ශක්තිමත් තත්ත්වයක් ගොඩ නඟාගෙන ඇති බව නොරහසක්.

දකුණු ලෙබනනයේ හෙස්බුල්ලා ගරිල්ලා අඩපණ කිරීම සහ සිරියානු රජය සතුව තිබූ උපක්‍රමීය යුද අවි බොහොමයක් විනාශ කිරීම ඒ අතුරින් ප්‍රධානය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
වැස්සේ තෙමි තෙමී යළි බන්ධනාගාරයට යන නාමල්..

වැස්සේ තෙමි තෙමී යළි බන්ධනාගාරයට යන නාමල්..

නව අමෙරිකානු තානාපති, මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී

නව අමෙරිකානු තානාපති, මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී

සජිත් අදත් පොල්දූවේ විරෝධයකට එක්වෙයි

සජිත් අදත් පොල්දූවේ විරෝධයකට එක්වෙයි

තවමත් හොල්මන් කරන දිට්වා අඳුරු සෙවණැලි...

තවමත් හොල්මන් කරන දිට්වා අඳුරු සෙවණැලි...

හරක් කටාගේ සහ පද්මේගේ ගුටි කෙළිය අත්වාරුවකින් පහර කෑ පද්මේට සුළු තුවාල

හරක් කටාගේ සහ පද්මේගේ ගුටි කෙළිය අත්වාරුවකින් පහර කෑ පද්මේට සුළු තුවාල

TT ක්‍රමයට කළ තවත් වංචාවක්...රුපියල් බිලියන 24කට අධික මුදලක් රටින් පන්නලා

TT ක්‍රමයට කළ තවත් වංචාවක්...රුපියල් බිලියන 24කට අධික මුදලක් රටින් පන්නලා

 එක් අයෙකුට වසර 200කට වැඩිකාලයක් සිපිරි ගෙය නියම වූ පාස්කු නඩුවේ වරදකරුවන්....

එක් අයෙකුට වසර 200කට වැඩිකාලයක් සිපිරි ගෙය නියම වූ පාස්කු නඩුවේ වරදකරුවන්....

සලේගේ හෘදය වස්තුවේ ඉදිමීමක් නිසා උපකරණයක් සවිකරලා වෛද්‍ය වාර්තාවෙන් හෙළිවෙයි

සලේගේ හෘදය වස්තුවේ ඉදිමීමක් නිසා උපකරණයක් සවිකරලා වෛද්‍ය වාර්තාවෙන් හෙළිවෙයි

වාද විවාද මැද අවසන් වූ අද පාර්ලිමේන්තු සභාවාරය

වාද විවාද මැද අවසන් වූ අද පාර්ලිමේන්තු සභාවාරය

මෝටර් රථයක පිටුපස යන්න පුළුවන් දෙදෙනෙකුට විතරද?

මෝටර් රථයක පිටුපස යන්න පුළුවන් දෙදෙනෙකුට විතරද?

අනුර කුමාරගේ ආණ්ඩුකරණය සාර්ථකද? - ''සාර්ථකනම් ඡන්දේ තියන්න, එයා ඡන්දෙට බයයි'' | Ada Derana

අනුර කුමාරගේ ආණ්ඩුකරණය සාර්ථකද? - ''සාර්ථකනම් ඡන්දේ තියන්න, එයා ඡන්දෙට බයයි'' | Ada Derana

අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වෙන්න ! - බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්

අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වෙන්න ! - බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්

දුරකථනයෙන් අනෝජන්ට කතා කළ සජිත්

දුරකථනයෙන් අනෝජන්ට කතා කළ සජිත්

 ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නයක් ගැන සජබයෙන් හෙළිදරව්වක්

 බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

අල්ලස් නඩුවකට, අල්ලස් ගත් බව කියන අධිකරණ නිලධාරීන් අත්අඩංගුවට ගන්න - කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්

අල්ලස් නඩුවකට, අල්ලස් ගත් බව කියන අධිකරණ නිලධාරීන් අත්අඩංගුවට ගන්න - කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්

ලක්ෂ 81ක අල්ලස් චෝදනාවට ඌව පළාත් සභා DO අත්අඩංගුවට

ලක්ෂ 81ක අල්ලස් චෝදනාවට ඌව පළාත් සභා DO අත්අඩංගුවට

හෙනරත්ගොඩ සණස සමිතියේ කෝටි ගණනක වංචාව සොයන්න CIDය විමර්ශන අරඹයි

හෙනරත්ගොඩ සණස සමිතියේ කෝටි ගණනක වංචාව සොයන්න CIDය විමර්ශන අරඹයි

22ට එරෙහිව මහ රෑ පන්දම් විරෝධයක්...

22ට එරෙහිව මහ රෑ පන්දම් විරෝධයක්...

“22 ව්‍යවස්ථාවට පටහැනි නෑ”පාර්ලිමේන්තුවේ 2/3 සම්මත කරගත හැකියි

“22 ව්‍යවස්ථාවට පටහැනි නෑ”පාර්ලිමේන්තුවේ 2/3 සම්මත කරගත හැකියි

නව මහාධිකරණ විනිසුරුවන් තිදෙනෙකු පත් කරන්න ජනපතිගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

නව මහාධිකරණ විනිසුරුවන් තිදෙනෙකු පත් කරන්න ජනපතිගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

වසර 200, 220, 240 සහ 260 බැගින් පාස්කු වැරදිකරුවන් 15දෙනාට සිරදඬුවම්

වසර 200, 220, 240 සහ 260 බැගින් පාස්කු වැරදිකරුවන් 15දෙනාට සිරදඬුවම්

බොක්ක අන්දමන්ද වී වැස්ස තදවෙයි | Ada Derana

බොක්ක අන්දමන්ද වී වැස්ස තදවෙයි | Ada Derana

22 ගැන අධිකරණයේ මතය - කථානායක අද කියයි | Ada Derana

22 ගැන අධිකරණයේ මතය - කථානායක අද කියයි | Ada Derana

පාස්කු මහ නඩුවේ තීන්දුව අදයි | Ada Derana

පාස්කු මහ නඩුවේ තීන්දුව අදයි | Ada Derana

පළාත් ඡන්දවලට රජයේ අවධානය - උතුරු - නැගෙනහිර ඡන්ද මුලින්ම ? | Ada Derana

පළාත් ඡන්දවලට රජයේ අවධානය - උතුරු - නැගෙනහිර ඡන්ද මුලින්ම ? | Ada Derana

අන්තර්ජාලයේ වැඩිපුරම රවුම් ගහන්නේ  | Ada Derana

අන්තර්ජාලයේ වැඩිපුරම රවුම් ගහන්නේ | Ada Derana