
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් අමෙරිකාවේ දින 6ක නිල සංචාරයක නිරත වෙයි.
ඉකුත් දා පැවැති ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමෙන් පසු ඉන්දියාවේ සිට අමෙරිකාවට යන පළමු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයා වන්නේ එස්. ජයිශංකර් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් දෙසැම්බර් 24 සිට 29 දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ රැඳී සිටිනු ඇත.
ද්විපාර්ශ්වික, කලාපීය සහ ගෝලීය ගැටලු සාකච්ඡා කිරීම සඳහා ඔහු අමෙරිකානු රජයේ ඉහළ නිලධාරීන් හමුවනු ඇති බවද මාධ්‍ය වාර්තා කරයි.





















































