
බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා වන මුහම්මද් යුනුස්ගේ උපදේශකයෙකු පළකර පසුව මකා දැමූ සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් ඉන්දියාව බංග්ලාදේශය වෙත දැඩි විරෝධයක් එල්ලකර තිබේ.
අදාළ සටහනේ ඔහු සඳහන් කර ඇත්තේ හිමාලය සහ බෙංගාල බොක්ක අතර සමස්ත කලාපයම සංස්කෘතික හා ශිෂ්ටාචාරමය වශයෙන් සමාන බවත්, උතුරු ඉන්දියාව ඊට හාත්පසින්ම වෙනස් බවය.
ඉන්දියාව පවසන්නේ අදාළ පළ කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකරන බවය.
මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සඳහන් කරන්නේ ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමේදී වඩාත් සැලකිලිමත් වෙන ලෙසය.



















































