header logo
Vallibel FD
සයුරෙන් එතෙර
ගෝල් මාවල්ස් හිමිකරු ප්‍රබල කොදෙව් ක්‍රීඩකයාට කළ යෝජනාව අධිකරණයේදී හෙළිවෙයි
Dec 13, 202406:24 PM
ගෝල් මාවල්ස් හිමිකරු ප්‍රබල කොදෙව් ක්‍රීඩකයාට කළ යෝජනාව අධිකරණයේදී හෙළිවෙයි
Mobitel 1278

මහනුවර, පල්ලේකැලේ පැවැත්වෙන "ලංකා T 10 සුපර් ලීග්" ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතික ප්‍රේම් තාකූර් ලබන16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ අංශය විසින් මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන අද (13) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට පමුණුවනු ලැබීය.

ක්‍රීඩා වැරදී වැළැක්වීමේ විමර්ශන ඒකකය වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ උදාර කරුණාතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වශයෙන් කටයුතු කරන මෙම සැකකරු තම කණ්ඩායමේ ක්‍රීඩා කරන බටහිර ඉන්දීය ක්‍රීඩකයෙකු වන ඇන්ඩෲ ෆ්ලෙචර් නමැත්තාට තරග පාවාදීම සඳහා යෝජනා කර තිබෙන බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි පැවසීය.

තමා නම්කරන පන්දු යවන්නන්ට අදක්ෂ ලෙස ක්‍රීඩා කරන ලෙස මෙම සැකකරු විසින් අදාළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයාට යෝජනා කර තිබෙන බවත් ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 15,000ක මුදලක් ලබාදෙන බවට පොරොන්දු වී ඇති බවත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සඳහන් කළේය.

මේ ආකාරයෙන් කටයුතු කළහොත් තවත් ඇමරිකානු ඩොලර් 30,000ක මුදලක් ලබාදෙන බවටත් එම ක්‍රීඩකයාට මෙම සැකකරු විසින් පොරොන්දු වී තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඔහුට එරෙහිව වෝහාරික මෙන්ම අනෙකුත් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබෙන බවත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සඳහන් කර තිබුණි.

ඒ අනුව මෙම සැකකරු ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවත් ඒ අනුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

තමා සිදුකළ වරද සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ මෙම සැකකරු විසින් ප්‍රකාශයක් ලබාදීමට සූදානම් නම් ඇප ඉල්ලීම සම්බන්ධයෙන් කඩිනමින් සලකා බැලිය හැකි බවත් එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කළේය.

මෙහිදී සැකකාර ඉන්දීය ජාතිකයාගෙන් මහෙස්ත්‍රාත්වරයා විමසා සිටියේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබාදීමට සූදානම් දැයි යන බවයි.

එම අවස්ථාවේදී සැකකරු සඳහන් කළේ තමා එවැනි ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවයි.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශය ලබාදීම පිළිබඳව හොඳින් සිතා බලා ඒ පිළිබඳව මීළඟ දින අධිකරණයට දැනුම් දෙන ලෙසත් මෙහිදී මහෙස්ත්‍රාත්වරයා සැකකරුට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව අදාළ සැකකරුව ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදින පරීක්‍ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් ක්‍රීඩා දූෂණය වැළැක්වීමේ පොලිස් ඒකකයට නියෝග කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana