කන්ටේනරයකින් මතු වූ පිස්තෝලය

කන්ටේනරයකින් මතු වූ පිස්තෝලය

December 9, 2024   11:03 am

මීතොටමුල්ල ප්‍රදේශයේ කන්ටේනරයක සඟවා තිබූ විදේශීය නිෂ්පාදිත පිස්තෝල අවියක් සහ එම පිස්තෝල අවියට යොදා ගන්නා මැගසින් දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සොයාගෙන තිබේ.

මීතොටමුල්ල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය පිටුපස රඳවා තබා ඇති කන්ටේනර් බහාලුමක් යට තිබී මෙම පිස්තෝල අවිය සොයාගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

කිසියම් අපරාධයක් සිදුකිරීමේ අදහසින් මෙම පිස්තෝල අවිය සඟවා තිබී ඇති බවට විශේෂ කාර්ය බලකාය සැක පළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සොයාගත් පිස්තෝල අවිය සහ මැගසින් දෙක වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.