
පාකිස්තානයේ මගී ප්‍රවාහන රථ පෙළකට නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩිතබා ඇති අතර ඉන් පුද්ගලයින් 40කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මගී ප්‍රවාහන රථ 200ක් පමණ ඉලක්ක කර ගනිමින් මෙම වෙඩිතැබීම සිදු කර ඇති බව සඳහන් ය.
මෙම රථ පෙළ ඇෆ්ගනිස්තාන දේශසීමාවට ආසන්න පාකිස්තානයේ කුරාම් දිස්ත්‍රික්කය හරහා ධාවනය කරමින් සිටියදී වෙඩි ප්‍රහාර එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
ප්‍රහාරයෙන් කාන්තාවන් සහ ළමුන් ඇතුළු 41 දෙනෙකු මියගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් ය.
තුවක්කුකරුවන් 10දෙනෙකු පමණ මාර්ගය දෙපස සිට මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවද විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි.

















































