header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි
Nov 18, 202409:56 AM
නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි
Mobitel 1278

ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

නව ඇමති මණ්ඩලය විසි එකකට සීමා වන අතර ආරක්ෂක , මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික යන අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතට පත් කර ඇත.

නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දිවුරුම් දුන් අතර කැබිනට් අමාත්‍යවරු පහත පරිදි වේ.

01 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා - ආරක්ෂක, මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන හා ඩිජිටල් ආර්ථික අමාත්‍ය
02 අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය - අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය

කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබූ අමරසූරිය මෙනවිය සමාජ විද්‍යා පිළිබඳ උපාධිය දිල්ලි විශ්ව විද්‍යාලයෙන්ද මානව විද්‍යා හා සංවර්ධන අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ඕස්ට්‍රේයාවේ සිඩ්නි නුවර මැකවරි විශ්ව විද්‍යාලයෙන් ද සමාජ මානව විද්‍යා, අන්තර්ජාතික සෞඛ්‍ය හා සංවර්ධන අධ්‍යයන සම්බන්ධ ආචාර්ය උපාධිය එඩිම්බරෝහි Queen margard විශ්ව විද්‍යාලයෙන්ද ලබාගෙන තිබේ.

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙසද ඇය සේවය කර තිබේ.

03 විජිත හේරත් මහතා - විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය
කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි.

04 මහාචාර්ය චන්දන අබේරත්න මහතා - රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරියකු හෝ චන්දන අබේරත්න මහතා මේවන විට කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්යවරයා ලෙස කටයුතු කරයි.

05 නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා - අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
1997 වසරේ එංගලන්තයේ ෂෙෆීල්ඩ් විශ්ව විද්‍යාලයෙන් නීති ගෞරව උපාධිය ලබාගෙන ඇත.

1998 වසරේ දී එංගලන්තයේ හි Lincoln's Inn බැරිස්ටර්වරයකු ලෙස කැඳවුම් ලබා තිබේ. 1994 වසරේ දී ශ්‍රී ලංකාවේ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දී නීතිඥ වෘත්තියේ නියැලෙයි.

2000 - 2004 කාලය තුළ ඔහු රජයේ අධිනීතිඥවරයෙක් ලෙස ද කටයුතු කර ඇත.

06 සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය
අයිතීන් උදෙසා කාන්තාවෝ' සංවිධානයේ සභාපතිනිය ලෙසත්, ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ' ජාතික කමිටු සාමාජිකාවක ලෙසත් කටයුතු කරන්නීය. කැලණිය විශ්ව විද්‍යාලයේ පරිවර්තන හා අර්ථ නිරූපණ ඩිප්ලෝමාධාරිනියක වූ සරෝජා මහත්මිය, රුහුණ විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාරිනියක ලෙස ද සේවය කරන්නීය.

07 කේ. ඩී ලාල්කාන්ත මහතා - කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය
වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපතිවරයා වශයෙන් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සහික සහ ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික ලෙස කටයුතු කරයි.

08 අනුර කරුණාතිලක මහතා - නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය
කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වන කරුණාතිලක මහතා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජිකයෙකි.

09 රාමලිංගම් චන්ද්‍ර සේකර් මහතා - ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයකු වන රාමලිංගම් මහතා ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් සංවිධායකවරයා වේ.

10 මහාචාර්ය උපාලි පන්නිලගේ මහතා - ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය
රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපතිවරයායි. ඔහු ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජිකයෙකි.

11 සුනිල් හඳුන්නෙත්ති මහතා - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
කොටපොල මහා විද්‍යාලයේ හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ හඳුන්නෙත්ති මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ විශේෂවේදී උපාධිධරයෙකි. එමෙන්ම, ඔහු ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකයෙකි.

12 ආනන්ද විජේපාල මහතා - මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියත්, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, කැලණි විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාපති උපාධියත් හදාරා ඇති විජේපාල මහතා අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ වූ හානිපූර්ණය සඳහා වන කාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.

2004 වර්ෂයේ අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටියදී ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසත් ජනාධිපතිවරයා ලෙස පත් වූ පසු ද පුද්ගලික ලේකම්වරයා ලෙසත් කටයුතු කළ විජේපාල මහතා පූර්ණ කාලීනව දේශපාලනයේ නිරත ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයෙකු ලෙසත් කටයුතු කරන්නෙකි.

13 බිමල් රත්නායක මහතා - ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. ඔහු 2015 වසරේ දී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළේය. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක ලෙස කටයුතු කරයි.

14 මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා - බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යසබරගමු විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ සේවය කළ මහාචාර්යවරයෙකි. ඔහු ජයවර්ධනපුර 1988 විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි උපාධිය ලැබීය. 2003 වර්ෂයේදී කැලණිය විශ්ව විද්‍යාලයෙන් දර්ශනපති උපාධිය ද, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 2013 දී දර්ශනසූරී උපාධිය ද හිමි කරගත්තේය. දේශීය සහ විදේශීය පර්යේෂණ රැසක් නියෝජනය කර ඇති ඔහු පර්යේෂණ පත්‍රිකා රැසක් ද පළ කර ඇත. ග්‍රන්ථ සහ ලිපි කතුවරයෙකි. සාහිත්‍ය විචාරකයෙකි. දේශකයෙකි.

ඔහු තිරනාටක රචකයෙක් මෙන්ම සම්මාන උළෙල ජුරි සභිකයෙකි.

15 වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය
පොලේගොඩ මහ විද්‍යාලයේ සහ මතුගම සී.ඩබ්ලිව් .ඩබ්ලිව් .කන්නංගර මධ්‍ය මහ විද්‍යාලයේ ආදි සිසුවකු වූ නලින්ද ජයතිස්ස මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ලෙස ද කටයුතු කළේය.

වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කරමින් සිටියදී 2007 වසරේදී රාජ්‍ය සේවයෙන් ඉවත්ව පූර්ණ කාලීනව දේශපාලනයට එක් විය .

16 සමන්ත විද්‍යාරත්න මහතා - වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
ඌව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු මෙන්ම පාර්ලිමේන්තුවේ හිටපු සංස්කෘතික කටයුතු, ජාතික උරුමයන් පිළිබඳ නියෝජ්‍ය ඇමතිවරයකු ලෙසත් කටයුතු කළ ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව විශේෂවේදි උපාධිධාරියෙකි.

17 සුනිල් කුමාර ගමගේ මහතා - තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය
වෘත්තියෙන් වරලත් ගණකාධිකාරීවරයකු වන සුනිල් කුමාර ගමගේ මහතා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

18 වසන්ත සමරසිංහ මහතා - වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය
කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ලෙසත් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය සංගමයේ වැඩබලන කැඳවුම්කරු ලෙසටත් ඔහු කටයුතු කළේය. ඔහු ව්‍යාපාර පරිපාලන ගෞවර උපාධිධරයෙකි.

19 මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන - මහතා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
ක්‍රිස්තියානි අධ්‍යාපනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය, බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හිමිකරගෙන ඇති ක්‍රිෂාන්ත අබේසේන මහතා ජාතික ජනබලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ ප්‍රධානියා ලෙසද කටයුතු කරයි.

20 මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා - කම්කරු අමාත්‍ය
වරලත් ගණකාධිකාරී, සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරයකු වන අතර ව්‍යාපාර පිළිබඳ උපාධිධාරියෙකි.

21 ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා - බලශක්ති අමාත්‍ය
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධරයකු වන කුමාර ජයකොඩි මහතා ඉංජිනේරුවකු මෙන්ම ව්‍යාපෘති කළමනාකරුවෙකි.ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයෙකි.

22 වෛද්‍ය ධම්මික පටබැඳි මහතා - පරිසර අමාත්‍ය
කෑගල්ල අඹන්පිටිය ග්‍රාමයේ උපන් වෛද්‍ය හෙට්ටිතන්ත්‍රි පටබැඳිගේ ධම්මික පටබැඳිගේ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළත්ව වෛද්‍ය උපාධිය ලබා ඇති ධම්මික පටබැඳිගේ මහතා කෙටි කාලයක් වෛද්‍ය වෘත්තියේ නියැලී, පසුව වෛද්‍ය වෘත්තියට සමුදී පූර්ණ කාලීනව ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනයට පිවිස තිබේ.

මේ අතර නව නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම බ්‍රහස්පතින්දා සිදු කෙරෙතැයි වාර්තා වෙයි.

පාර්ලිමේන්තුව එදින උදෑසන රැස්වන අතර ඉන් අනතුරුව එදින පස්වරුවේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමට නියමිතය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
''ආවරණයක් දෙන්නේ නෑනේ.. පොල්අතු වහලක් ගහලා 4දෙනෙක් අල්ලන් ඉන්න'' | Ada Derana

''ආවරණයක් දෙන්නේ නෑනේ.. පොල්අතු වහලක් ගහලා 4දෙනෙක් අල්ලන් ඉන්න'' | Ada Derana

මාතර, තලල්ල වෙරළෙන් මතුවූ අබිරහස් ගමන් මලු - දෙහිබාලේ මල්ලි එවූ අයිස් බවට සැකයක් | Ada Derana

මාතර, තලල්ල වෙරළෙන් මතුවූ අබිරහස් ගමන් මලු - දෙහිබාලේ මල්ලි එවූ අයිස් බවට සැකයක් | Ada Derana

උඩදුම්බර නගරයට ආ මහා සඟරුවන - ඥානසාර හිමිට නිදහස ඉල්ලයි - බුදුදහම රැකගන්න පාගමනක | Ada Derana

උඩදුම්බර නගරයට ආ මහා සඟරුවන - ඥානසාර හිමිට නිදහස ඉල්ලයි - බුදුදහම රැකගන්න පාගමනක | Ada Derana

කුඩු අංජුගේ ගෝලයෙක් අයිස් එක්ක මාට්ටු - මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරනවාට වරකට රු. 20,000 ගානේ දීලා

කුඩු අංජුගේ ගෝලයෙක් අයිස් එක්ක මාට්ටු - මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරනවාට වරකට රු. 20,000 ගානේ දීලා

''අදහස් පළ කරන්න..ෆේස්බුක් පෝස්ට් එකක් දාන්න තියෙන නිදහස අහෝසිවෙලා'' | Ada Derana

''අදහස් පළ කරන්න..ෆේස්බුක් පෝස්ට් එකක් දාන්න තියෙන නිදහස අහෝසිවෙලා'' | Ada Derana

''සිවුරට අත තියන්න කිසිම ගිහියෙකුට බෑ'' - ''ලොකු වරදක් කළේ'' | Ada Derana

''සිවුරට අත තියන්න කිසිම ගිහියෙකුට බෑ'' - ''ලොකු වරදක් කළේ'' | Ada Derana

ජර්මන් දන්නා මහාචාර්යවරයෙකු හදිසියේම සත්‍යග්‍රහ භූමියට | Ada Derana

ජර්මන් දන්නා මහාචාර්යවරයෙකු හදිසියේම සත්‍යග්‍රහ භූමියට | Ada Derana

ඇප ප්‍රතික්ෂේප වූ නාමල් හා ජානකී - අධිකරණයේදී තවත් කරුණු එළියට | Ada Derana

ඇප ප්‍රතික්ෂේප වූ නාමල් හා ජානකී - අධිකරණයේදී තවත් කරුණු එළියට | Ada Derana

රාජ්‍ය ඇමති කාලයේ කරපු වැඩවලට චාමරට වැටුණු නඩු - අද ලැබුණු නියෝගය | Ada Derana

රාජ්‍ය ඇමති කාලයේ කරපු වැඩවලට චාමරට වැටුණු නඩු - අද ලැබුණු නියෝගය | Ada Derana

 විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 8යි | උදෑසන නවතම තත්ත්වය...

විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 8යි | උදෑසන නවතම තත්ත්වය...

විහාර මහාදේවී භූමිය වටකළ පිරිසට ඇසෙන්න කස්සප හිමි සැරට කියයි..

විහාර මහාදේවී භූමිය වටකළ පිරිසට ඇසෙන්න කස්සප හිමි සැරට කියයි..

අධිකරණ නියෝගයත් සමඟ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල නොසන්සුන් තත්ත්වයක්

අධිකරණ නියෝගයත් සමඟ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල නොසන්සුන් තත්ත්වයක්

 ලංකාවට ආපු තායිලන්ත නි.අගමැතිව නොසලකා හැරීම ගැන දිලිත් ආණ්ඩුවට සැරට කියාදෙයි

ලංකාවට ආපු තායිලන්ත නි.අගමැතිව නොසලකා හැරීම ගැන දිලිත් ආණ්ඩුවට සැරට කියාදෙයි

 කැලඹිලි ස්වභාවය දිවයිනෙන් ඈතට යද්දි බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක්...ඉන්දියාවෙනුත් අනතුරු ඇඟවෙයි...

කැලඹිලි ස්වභාවය දිවයිනෙන් ඈතට යද්දි බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක්...ඉන්දියාවෙනුත් අනතුරු ඇඟවෙයි...

හැකරැල්ලෝ ආක්‍රමණය කළ ගමක් “තෙල් ගැහුවම මැරෙනවා...ඊට වඩා ඉක්මනට බෝවෙනවා” | Ada Derana

හැකරැල්ලෝ ආක්‍රමණය කළ ගමක් “තෙල් ගැහුවම මැරෙනවා...ඊට වඩා ඉක්මනට බෝවෙනවා” | Ada Derana

Lassana Flora
Spotlight
 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි