
මහමැතිවරණයට අදාළව මැතිවරණ කොමිසම වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පෙන්වා දී ඇත්තේ ඊයේ (10) දිනෙන් අවසන් වූ ගතවූ පැය 24ක කාලය ඇතුළත මැතිවරණ පැමිණිලි 231ක් වාර්තා වූ බවය.
එම පැමිණිලි සියල්ල නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව පැමිණිලි බව එම නිවේදනයේ සඳහන් ව තිබේ.
මේ අතර පසුගිය සැප්තැම්බර් 26 දින සිට ඊයේ (10) වන දින දක්වා මැතිවරණ කොමිසම වෙත වාර්තා වී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 2811ක් බව මැතිවරණ කොමිසම පවසයි.
එම පැමිණිලි අතරින් නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව පැමිණිලි 2756ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 20ක් සහ වෙනත් පැමිණිලි 35ක් ද ඇතුළත් වේ.
මින් පැමිණිලි 2162ක් විසඳා ඇති බවත් තවත් පැමිණිලි 649ක් විසඳමින් පවතින බවත් එම නිවේදනයේ සඳහන් ව තිබේ.



















































