header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
විශේෂාංග
අමෙරිකානු ජනාධිපතිවරණය - මේ කරුණු දැන සිටියාද ?
Nov 05, 202406:12 PM
අමෙරිකානු ජනාධිපතිවරණය - මේ කරුණු දැන සිටියාද ?
Mobitel 1278

ලෝකයේම ඇස් යොමුවී ඇති, අමෙරිකාවේ 60 වැනි ජනාධිපතිවරණය අද (05) පැවැත්වෙයි.

මෙම ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උපජනාධිපති කමලා හැරිස් අතර තියුණු තරගයක් තිබෙන බව වාර්තා වෙයි.

මැතිවරණ දිනයේ ඡන්ද ප්‍රකාශය දැනටමත් ආරම්භ වී ඇති අතර, එහි සාම්ප්‍රදායික මැදියම් රැය පළමු ඡන්ද ප්‍රකාශ කිරීම නිව් හැම්ප්ෂයර් හි කුඩා නගරයක් වන ඩික්ස්විලී නොච් හිදී පැවැත්වුණි.

නගරයේ ලියාපදිංචි ඡන්දදායකයින් හය දෙනෙක් මෙහිදී බල්සෑම්ස් නිකේතනයේ දී මැතිවරණ දිනයේ පළමු ඡන්ද ප්‍රකාශය කිරීම සිදුකර තිබුණි.

මෙම නගරයේදී මැතිවරණයේ පළමු ඡන්දය ප්‍රකාශ කිරීම වසර 60ක පමණ කාලයක සිට අමෙරිකානු මැතිවරණ සම්ප්‍රදාය වෙයි.

මෙවර ඡන්දය විශේෂ වන්නේ, ඉන් ඡන්ද තුනක් කමලා හැරිස්ටත්, ඉතිරි ඡන්ද තුන ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් හිමිවීම ය.

මේ අතර කමලා හැරිස් එරට වේලාවෙන් ඊයේ රාත්‍යේ සිය අවසන් මැතිවරණයේ රැලිය පැවැත්වූවාය.

ඒ පෙන්සල්වේනියා ප්‍රාන්තයේ පිට්ස්බර්ග් ස්මාරකය අබියස දීය.

එහිදී අදහස් පළකළ කමලා හැරිස් අවධාරණය කළේ මෙවර මැතිවරණය ජයගැනීමේ වැඩි අවස්ථාව තමන් සතු බව යි.

ඒ අනුව මැතිවරණයේ වැඩිම ඡන්ද විද්‍යාල ආසන සංඛ්‍යාවක් ඇති පෙන්සල්වේනියා ප්‍රාන්ත ජනතාවගෙන් ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියේ නිසැකවම ඡන්දය භාවිත කරන ලෙස ටයි.

මේ අතර රැලියට සමගාමීව පෙන්සල්වේනියාවේ ගෙයින් ගෙට ගොස් ප්‍රචාරණ කටයුතු සිදුකිරීමටත් කමලා හැරිස් කටයුතු කළාය.

අමෙරිකානු ජනාධිපතිවරයා වීමට නම් තීරණාත්මක පෙන්සල්වේනියා ප්‍රාන්තය ජයගැනීම අනිවාර්ය බව එරට දේශපාලන සිතියම සාක්ෂි දරයි.

එබැවින් සිය අවසන් රැලිවලින් එකක් පෙන්සල්වේනියාවේ පිට්ස්බර්ග් හිදී පැවැත්වීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ද කටයුතු කළේය.

එහිදී ඔහු මෙක්සිකෝවෙන් රටට මත්ද්‍රව්‍ය පැමිණීම මර්දනය කරන බවට පොරොන්දු විය.

මෙක්සිකෝ රජය විධිමත් පියවර නොගතහොත්, ඔවුන්ගෙන් රටට ගෙන්වන භාණ්ඩ මත සියයට 25ක බදු පනවන බවටත් ට්‍රම්ප් මෙහිදී අවධාරණය කර සිටියේය.

එමෙන්ම තමන් බලයට පැමිණ ලෝක සාමය උදාකරන බවත් මෙහිදී ඔහු අවධාරණය කළේය.

ට්‍රම්ප්ගේ අවසන් රැලිය එරට වේලාවෙන් අද මැදියම් රැයේදී අරාබි අමෙරිකානුවන් බහුලව වෙසෙන චිකාගෝ ප්‍රාන්තයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප්, අමෙරිකානු දේපොළ ව්‍යාපාරිකයෙක් වූ ෆ්‍රෙඩ් ට්‍රම්ප්ට දාව නිව්යෝර්ක් නුවරදී උපත ලැබුවේ 1946 ජූනි 14 වැනිදා ය.

පෙන්සල්වේනියා හි සරසවියක ආර්ථික විද්‍යා උපාධි ලබා ව්‍යාපාර ලෝකය දිග්විජය කළ ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයෙක් ලෙස ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ 1987 දීය.

නමුත් 2001දී ඩිමොක්‍රොටික් සාමාජිකත්වය ලබාගත් ඔහු යළි 2012 වසරේදී රිපබ්ලිකන් පක්ෂ සාමාජිකත්වය ලබාගත්තේය.

එම පක්ෂයෙන් ට්‍රම්ප් 2016දී පළමු වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර ප්‍රතිවාදී හිලරි ක්ලින්ටන් අභිබවා අමෙරිකාවේ 45වන ජනාධිපතිවරයා බවට පත්විය.

2020 ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් ලද අමිහිරි පරාජයෙන් පසු ඔහුගේ ආධාරකරුවන් කැපිටල් ගොඩනැගිල්ලේ සිදුකළ කැරැල්ල සහ ගැටුම් අතරතුර හය දෙනෙකුට දිවි අහිමි වීම ට්‍රම්ප්ගේ දේශපාලන දිවියට එක්වූ විශාලම කළු පැල්ලම ලෙස සැලකෙයි.

පරාජයෙන් පසු ට්‍රම්ප්ට එරෙහිව නඩු කිහිපයක්ම ගොනු කෙරුණු අතර, අපරාධ අධි චෝදනාවට ලක්වූ පළමු ජනාධිපතිවරයා ඔහු වෙයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා පෙන්සල්වේනියා හිදී පැවති ප්‍රචාරණ රැලියක් අතරතුර එල්ල වූ මාරක වෙඩි පහරින් ට්‍රම්ප් ජීවිතය ගලවාගත්තේ යන්තමිනි.

මෙවන් අභියෝග රැසක් මැද සටනට පිවිස් ට්‍රම්ප් මෙවර මැතිවරණය ජයගතහොත් ඔහු අමෙරිකාවේ දෙවැනි වයස්ගතම ජනාධිපතිවරයා බවට ඔහු පත්වනු ඇත.

ඩිමොක්‍රොටික් පක්ෂ අපේක්ෂිකාව වන කමලා දේවී හැරිස්, ජැමෙයිකානු අමෙරිකානුවෙක් වූ ඩොනල්ඩ් ජේ හැරිස්ට දාව ඉන්දීය දමිළ ජාතික ෂ්‍යාමලා ගෝපාලන්ගේ කුසෙන් අමෙරිකාවේ ඔක්ලන්ඩ් හිදී උපත ලබන්නේ 1964 ඔක්තෝබර් 20 වැනිදා ය.

1990දී කැලිෆෝනියාවේ අල්මේදා කෝරළයේ නියෝජ්‍ය නීතිපතිවරයා ලෙස පත්වූ කමලා විවිධ තානාන්තර ලබා ක්ෂේත්‍රයේ ඉදිරියට පැමිණ තිබුණාය.

ඇය 2010දී කැලිෆෝනියානු නීතිපති ලෙස පත්වන්නේ එම ධුරයට පත්වූ පළමු කාන්තාව, අප්‍රිකානු අමෙරිකානුවා මෙන්ම දකුණු ආසියානු අමෙරිකානුවා බවට ද වාර්තා අතරට එක්වෙමිනි.

2017දී ඇයට සෙනෙට් සභාවට පැමිණීමේ වරම් හිමිවූවාය.

2020 ජනාධිපතිවරණයේ ඩිමොක්‍රොටික් අපේක්ෂකත්ව සිහිනය බොඳවූ, අත්දැකීම් අඩු කමලාට ජනාධිපති ජෝ බයිඩ්න් උපජනාධිපති ධුරය ලබාදෙන්නේ බොහෝ දෙනා මවිත කරමිනි.

ඇයට වත්මන් ජනාධිපතිධුර අපේක්ෂකත්වය ද හිමිවන්නේ බයිඩන් හදිසියේම අපේක්ෂකත්වය අත්හැරීම නිසා ය.

එරට වෙසෙන මිලියන 48කට ආසන්න කළු අමෙරිකානුවන්ගේ අපේක්ෂාවේ සංකේතය බඳුවූ කමලා හැරිස් මෙවර ජනාධිපතිවරණය ජයගතහොත්, ඇය වසර 248ක ඉතිහාසයක් ඇති අමෙරිකානු දේශපාලනයේ පළමු ජනාධිපතිනිය බවට පත්වෙයි.

මේ අතර කමලාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇගේ මවගේ මව් රට වන ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ දී හින්දු පුද පූජා පවත්වා තිබෙන බව වාර්තා වෙයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

දෙරණ දිනන්න අදත් දරුවන්ට අවස්ථාව - ඔබේ නිවේදන හැකියාව ලංකාවටම පෙන්වන්න දෙරණ කුටියට එන්න | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 09 වැනි දිනය අදයි - ප්‍රධාන ආරාධිතයා ලෙස සජිත් එක්වෙයි | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 09 වැනි දිනය අදයි - ප්‍රධාන ආරාධිතයා ලෙස සජිත් එක්වෙයි | Ada Derana

ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් රචිත - "දෝදු” ග්‍රන්ථය එළි දක්වයි | Ada Derana

ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් රචිත - "දෝදු” ග්‍රන්ථය එළි දක්වයි | Ada Derana

සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන හැටි ඇමති වටගල කියයි - "හිටපු ජනාධිපතිත් එකයි" | Ada Derana

සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන හැටි ඇමති වටගල කියයි - "හිටපු ජනාධිපතිත් එකයි" | Ada Derana

රැකියාවක් දෙන බව පවසා විදෙස් කතක් මෙරටට ගෙන්වා ගෙන තහනම් රැකියාවේ යොදවලා

රැකියාවක් දෙන බව පවසා විදෙස් කතක් මෙරටට ගෙන්වා ගෙන තහනම් රැකියාවේ යොදවලා

 අලි මන්තර කියා වනඅලියා එළවන්න ගිය මෝඩ රැළට අලියාගෙන් අමතක නොවන පාඩමක්....

අලි මන්තර කියා වනඅලියා එළවන්න ගිය මෝඩ රැළට අලියාගෙන් අමතක නොවන පාඩමක්....

පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

 මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

Lassana Flora
Spotlight
දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

ඉන්ධන - ආහාර නැතුව ඉරාන නැව් 20ක් ගාලු මුහුදේ

ඉන්ධන - ආහාර නැතුව ඉරාන නැව් 20ක් ගාලු මුහුදේ

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු... 135ක් ඕනැලු

තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු... 135ක් ඕනැලු

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා