
ලොව පුරා හින්දු බැතිමතුන් අද (31) දීපාවලි උත්සවය සමරනු ලබයි.
ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපාවලි දිනය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකෙයි.
විෂ්ණු දෙවියන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කර ආලෝකය පැතිරවීම සිහිපත් කිරීම දීපාවලි උත්සවයේ අරමුණය.
















































