
චීනයේ බීජිං හි වයඹදිග Haidianහී සිදුකළ පිහි ඇනුමකින් ළමුන් තිදෙනෙකු ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිද්ධිය සම්බන්ධයෙන් 50 හැවිරිදි පුද්ගලයෙකු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගත් බවය.
තුවාල ලැබූවන් වහා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බිලියන 1.4 ක ජනගහනයක් ඇති චීනයේ ප්‍රචණ්ඩකාරී අපරාධ අනුපාත අඩු නමුත් මෑත කාලයේදී පිහි ඇනුම් සිද්ධි ගණනාවක් වාර්තා වී තිබුණි.



















































