සයුරෙන් එතෙර

චීනයේ AI ගැන අමෙරිකාව අවධානයෙන්

October 26, 2024   11:29 am

චීනය විසින් අමෙරිකාව සහ ඔවුන්ගේ මිත්‍ර රටවල ආරක්ෂාවට තර්ජනයක් ලෙස කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව අමෙරිකාව පවසයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශකවරයා ඒ බව පවසා ඇති බවය.

ඒ අනුව ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, AI පිළිබඳ අමෙරිකාවේ සොයා ගැනීම් අර්ධ වශයෙන් එම ගැටලු විසඳීමට සහ ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සහ අනෙකුත් හවුල්කරුවන්ට විකල්ප ඉදිරිපත් කිරීමට උපකාරී වන බවය.