header logo
Vallibel FD
Selan Bank
විශේෂාංග
පාස්කු විමර්ශන කමිටු වාර්තාවක අන්තර්ගතය ගම්මන්පිල හෙළිකරයි
Oct 21, 202412:01 PM
පාස්කු විමර්ශන කමිටු වාර්තාවක අන්තර්ගතය ගම්මන්පිල හෙළිකරයි
Mobitel 1278

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධානම චූදිතයෙකු ලෙස විමර්ශන කමිටු වාර්තාවකින් නම් කර ඇති රවී සෙනෙවිරත්න මහතාව වහාම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලෙකම් ධුරයෙන් ඉවත් කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තා ප්‍රසිද්ධ කිරීම වෙනුවෙන් අද (21) පෙරවරුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙනින් ඔහු මේ බව පැවසීය.

ගම්මන්පිල මහතා මීට පෙර පැවසුවේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තා ප්‍රසිද්ධ කිරීම සඳහා ජනපතිවරයාට අද උදෑසන 10 වනතෙක් කාලය ලබාදෙන බවයි.

ඔහු අද පෙරවරුවේ දක්වමින් පැවසුවේ තමන් විශ්‍රාමික විනිසුරු ඒ.එම්.ජේ ද අල්විස් මහතාගේ කමිටු වාර්තාව ප්‍රසිද්ධි කරන බවත් එළැඹෙන 28 වන සඳුදා දින විශ්‍රාමික විනිසුරු එස්. අයි. ඉමාම් මහතාගේ කමිටු වාර්තාව හෙළි කිරීමට සූදානම් බවයි.

උදය ගම්මන්පිල මහතා තවදුරටත් චෝදනා කළේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝනය කර ඇති බවය.

එසේ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වහාම ජාතියෙන් සමාව ගතයුතු බව ද ගම්මන්පිල මහතා පැවසීය.

"මම කතා කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින් පත්කරපු මෙතෙක් ප්‍රසිද්ධ නොකරපු ජනාධිපතිතුමා සිතාමතා ප්‍රසිද්ධ කිරීමට පැකිලෙමින් සිටින වාර්තා දෙක ගැනයි. පළවෙනි වාර්තාව විශ්‍රාමික විනිසුරු එස්. අයි. ඉමාම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත්කරලා මේ කමිටුවේ වාර්තාව 2024 ජූනි මාසේ 25 වැනිදා එවකට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දුන්නා. දෙවැනි වාර්තාවේ විෂය පථය වෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලීසියෙන් හෝ බුද්ධි අංශයෙන් යම් අතපසුවීමක්, වැරැද්දක් සිදුවුණාද කියන එක විමර්ශනය කරන එක. මේ තියෙන්නේ පළමුවැනි කමිටු වාර්තාව. මේ තියෙන්නේ දෙවැනි වාර්තාව. මේ විශ්‍රාමික විනිසුරු ඒ එම් ජේ ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ මේ කමිටු වාර්තාව 2024.09.14 ඒ කියන්නේ වත්මන් ජනාධිපතිතුමා පත්වෙන්න හරියටම සතියකට කලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදුන්නා. දැන් මේ වාර්තා සඟවන්න ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව උත්සාහ දරන්නේ ඇයි? අන්න එකට උත්තරේ මේ වාර්තා වේ තියෙනවා. මේ වාර්තාවේ 40 වැනි පිටුවේ මෙහෙම තියෙනවා. රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ විසින් 2019 අප්‍රේල් 9 වනදා මොහොමඩ් සහරාන් ඇතුළු ජාතික තව්හීද් ජමාත් ත්‍රස්තවාදීන් ප්‍රසිද්ධ කතෝලික පල්ලි ඇතුළු ස්ථාන කිහිපයකට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කරන බව විදේශීය බුද්ධි අංශයකින් දැනුම්දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ SDIG ට දැනුම් දෙනවා. කවුද මේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ? ඒ වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා."

මේ ලිපියේ ප්‍රහාරය එල්ලකරන ත්‍රස්තවාදීන්ගේ නම්, ජාතික හැඳුනුම්පත් අංක, දුරකථන අංක, ලිපිනයන්, සාමාන්‍යයන් ගැවසෙන තැන්, ඇසුරු කරන අය, සමහරු නම් රෑට රෑට යන ඉඳලා හිටලායන තැන් යන වෙලාවන් සහ එන වෙලාවන් සඳහන් කරලා තියනවා.

මේ කොමිෂන් සභා වාර්තාවේ රවී සෙනවිරත්නට එරෙහිව බරපතළ චෝදනා නගන නිසාම එතුමාගේ පැත්තෙන් එතුමාගේ නිර්දෝෂිභාවයට එතුමාට කියන්න තියන කරුණු මොනාද බලන්න එතුමා තමන්ව අත්අඩංගුවට ගන්න පොලීසිය උත්සාහ කරනවාය, එහෙම කරන්න එපාය කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරපු මූලික අයිතිවාසිකම් නඩු අංක 241/2024 නඩු ගොනුවත්, මම සම්පූර්ණයෙන් අධ්‍යයනය කළ බව විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ."

අප්‍රේල් 09 මේ ලිපිය එන විට රවී සෙනෙවිරත්න මහතා විදේශගත වෙලා. නැවත ලංකාවට එනවිට ලිපිය දකින්නේ 16 වනදා කියලා රවී සෙනෙවිරත්න මහතා කියනවා.

රජයේ නිලධාරීන් විදේශ ගතවනවිට තමන්ගෙ වැඩ ආවරණය කරන්න වෙනත් කෙනෙක් පත් කරන්න ඕනේ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල මහතාව වැඩ ආවරණය කරන්න පත් කරනවා.

ඉතිං එහෙම කළානම් සතියක් මේ ලිපිය නාගහමුල්ල මහතාගේ අතට නොගොස් රවී සෙනෙවිරත්න මහතාගේ මේසේ උඩ තිබුණේ කොහොමද කියන ප්‍රශ්නය මතු වෙනවා. ඔය ප්‍රශ්නය ඔය විදිහටම විමර්ශන නිලධාරීන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්ය මණ්ඩලයෙන් ප්‍රශ්න කරනවා. ඒ අයගේ පිළිතුර වෙන්නේ රහස්‍යයි කියලා එන ලියුම් විවෘත කරන්න එපා, කාටවත් යවන්න එපා මම කඩනකන් මේස උඩ තියලා තියන්න කියලා රවී සෙනෙවිරත්න මහතා උපදෙසක් ලබාදුන්නා කියලා.

එන ලියුම් බලන්න අයිතියක් නැත්නම් වැඩ ආවරණය කරන නිලධාරියාට තමන්ගේ රාජකාරිය කරන්න බෑ. රහස්‍යයි කියලා එන්නේ අතිශය සංවේදී ක්ෂණිකව පියවර ගත යුතු වාර්තා. එතකොට මේ රවී සෙනෙවිරත්න මහතාගේ නීතිවිරෝධි උපදෙස නිසා මේ ලියුම මේස උඩ තියනවා. ඒ කියන්නේ සහරාන්ලා අරහේ බෝම්බ හදනකොට, සහරාන්ලා අපි මෙහෙම ප්‍රහාරයක් කරනවා කියලා වීඩියෝපට පටිගත කරනකොට, බෝම්බ කොළඹට ප්‍රවාහනය කරනකොට සහරාන්ලාගේ සියලුම විස්තර ඇතුළත් ලිපියක් රවී සෙනෙවිරත්න මහතාගේ මේස උඩ අනේ මාව බලාපියෝ කියලා විලාප නගමින් මේස උඩ තියෙනවා.

රවී සෙනෙවිරත්න මහතා 16 වනදා මේ ලිපිය බලලා මැයි 01 වනදා වෙනකොට විමර්ශනයක් කරලා එකේ ප්‍රගතිය වාර්තා කරන්න කියලා සටහනක් තබනවා. නමුත් CID භාර නාගහමුල්ල මහතාට යොමුකරන්න භාර දෙන්නේ 19 වනදා.

හැබැයි අබිරහස් ලෙස අප්‍රේල් 21 වනදා බෝම්බය පුපුරවා ගන්නා තුරුම මේ ලිපිය නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල මහතාගේ අතට යන්නේ නෑ. ඒ කියන්නේ මේ කියන්නේ මේ ලිපිය යන්නේ බෝම්බය පුපුරවා ගත් දිනය පසු දින ඒ කියන්නේ අප්‍රේල් මාසේ 22 වනදා. කොහොම වුණත් ඉතා ක්ෂණිකව පියවර ගත යුතු ලිපියක් දින 12ක් තිස්සේ රවී සෙනෙවිරත්න මහතා භාරයේ පවතිනවා.

19 වනදා කියන්නේ සිකුරාදා දවසක් එතකොය 20වන සෙනසුරාදා කියන්නේ නිවාඩු දවසක් 21 වනදා පාස්කු ඉරිදා. ඉතිං බොහෝ විට මේ ලිපිය බෝම්බය පත්තුවෙනතුරුම රවී සෙනවිරත්න මහතාගේ මේසේ උඩ තිබිලා බෝම්බෙන් පස්සේ මෙවැනි ලිපියක් එව්වාය කියලා බුද්ධි අංශ කියද්දි 22 වනදා උදේ පාන්දර ඇවිල්ලා මේක බලලා 16 වනදාට සටහනක් දාලා 19 වනදා සිකුරාදා යවන්න යොමුකළා යැයි කියලා දැම්මාය කියන සාධාරණ සැකය ඕනෑම කෙනෙකුට ඇති වෙන්න පුළුවන්.

මේ ලිපිය ඇත්තටම කියෙව්වා නම් රවී සෙනෙවිරත්න මහතාට සහරාන් කියන්නේ කවුද කියන එක සිහියට එනවා. මොකද එතුමා යටතේ තියන ත්‍රස්ත විමර්ශන අංශය 2014 සිට සහරාන්ගේ කණ්ඩායම ගැන තවුහිද් ජමාද් සංවිධානය ගැන, සෙවිල්ලෙන් ඉඳලා ඔහු පිළිබඳව නිරන්තර වාර්තා රවී සෙනෙවිරත්න මහතාට ලැබෙනවා.

ඒ වගේම සහරාන් පිළිබඳ බුද්ධි අංශ වාර්තා 13ක් 2019 ජනවාරි 1 වනදා ඉඳන් අප්‍රේල් 20 කියන ඉතා කෙටි කාල පරාසය තුළ රවී සෙනෙවිරත්න මහතාට යවලා තියෙනවා. මේ වාර්තාවේ කියන විදිහට 2017 කාත්තන්කුඩි ආගමික ගැටුම, 2018 දී වවුනතිව් පොලිස් නිලධාරීන් මරා දැමීම, 2018 දී මාවනැල්ල බුදු පිළිම විනාශ කිරීම, 2019දි වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම කියන පරීක්ෂණ සියල්ලම සිදුකරන්නේ CIDය. ඒක අධීක්ෂණය කරන්නේ රවී සෙනෙවිරත්න මහතා.

ඒ නිසා පුපුරණ ද්‍රව්‍ය එකතු කරපු, බෝම්බ අත්හදා බලපු සහරාන් කල්ලිය මරාගෙන මැරෙන ප්‍රහාරයකට යනවා කිව්වාම අනිත් අයට මේක නොතේරුණාට මේ ගැන හොඳම අවබෝධය තියන රවී සෙනෙවිරත්න මහතාට මේ ගැන වහාම ක්‍රියාත්මක වීමේ හැකියාවක් තිබුණා. ඇත්තටම මේ ලිපිය රවී සෙනෙවිරත්න මහතා කියෙව්වා නම් එතුමාට පුළුවන් වෙනවා සෝදිසි රැකවල් දාලා මොවුන්ව අත්අඩංගුවට ගන්න.

අවම වශයෙන් අප්‍රේල් මාසේ 18 වනදා සෝදිසි රැකවල් දැම්මානම් සහරාන් අත්අඩංගුවට ගන්න තිබුණා. අප්‍රේල් මාසේ 18 වනදා ප්‍රහාරයට කොළඹ එන්න කලින් තමන්ගේ බිරිඳ සහ දරුවන් කුරුණෑගල තියෙන බිරිඳගේ මහගෙදරට ඇරල වන්න සහරාන් යනවා. තමන්ගේ මේසේ උඩ සතියක් පුරා කල් පසුවූ අති රහස්‍යයි කියලා ගහපු ලිපියක් නියෝජ්‍ය පොලිස්පතිවරයාට සාමාන්‍ය පටිපාටියේ යවනවා වෙනුවෙට එතුමාට තිබ්බේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වහාම කැඳවලා මේක අතිශය සංවේදී කාරණයක්, වහාම පියවර ගන්න කියලා අතින් භාරදිය යුතුව තිබුණා.

හැබැයි මේක සතියක් මේස උඩ තිබ්බා වෙනුවට මැයි 1 වනදා වෙනකන් කල්දෙනවා මේ ගැන සොයාබලා වාර්තා කරන්න. මොකක්ද මේකෙන් පේන්නේ. රවී සෙනෙවිරත්න මහතා ලිපිය කියවන්නේ වත් නැතිව, එහි කිසිම බරපතළකමක් තේරුම් නොගෙන මේ සටහන යෙදූ බවයි.

මේ වාර්තාවේ 41 වැනි පිටුවේ කියනවා. සාපරාධි නොසැලකිල්ල මත රවී සෙනෙවිරත්න මහතාට අපරාධ නඩු පවරා දඬුවම් කළ යුතුයි කියලා.

එහෙමනම් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයෙක් බවට පත් වෙන්න ඕනේ රවී සෙනෙවිරත්න මහතා. මෙයාගේ අධීක්ෂණය යටතේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අලුතින් කරනවාය කියන විමර්ශනය සිදුකළොත් පාස්කු වින්දිතයින්ට සාධාරණය ඉටුවේවිද? කොහෙත්ම පොලීසිය තුළ යුක්තිය ඉටු කිරීමක් පිළිබඳ බලාපොරොත්තු විය හැකිද, මේක හොරාගේ අම්මාගෙන් පේන අහනවා වෙනුවට හොරාගෙන්ම පේන අහනවා වගේ වැඩක්.

මේ වාර්තාව අපේ අතට ලැබෙන්න කලින් රවී සෙනවිරත්න මහතාව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කළාම මේකේ තියන වැරැද්ද අපි පෙන්වලා දුන්නා. ඒ වගේම අල්විස් වාර්තාවේ 14 වැනි පිටුවේ CID ය නිසිලෙස සිය රාජකාරිය ඉටු නොකිරීම නිසා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට අමතරව එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාටත් අපරාධමය නඩු පැවරිය යුතුයි කියලා නිර්දේශ කරලා තියනවා.

ඒ වගේම නඩු පැවරිය යුතුයි කියලා නිලධාරීන් 17 දෙනෙකුගේ නම් මේ වාර්තාවේ තියෙනවා. ජනාධිපතිතුමාත් මේ ආණ්ඩුවත් මේ වාර්තාව යටපත් කිරීමට උත්සාහ කළේ ඇයි? හේතුව තමයි ජනාධිපතිතුමාගේ නොහැකියාව ප්‍රදර්ශනය වීම. අද අපි මේ වාර්තා හෙළිදරව් කළේ නැතිනම් මේ අය නඩු පැවරීමෙන් බේරා ගන්න ජනාධිපතිතුමාට හැකි වෙනවා.

පාස්කු ප්‍රහාරයේ චූදිතයෙකු බව දනිමින් රවී සෙනෙවිරත්න මහතාව ළඟට අරගෙන ඔහුට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය භාර දීලා අලුතින් කරනවා යැයි කියන පාස්කු විමර්ශනය සිදු කිරීම එතුමාගේ අධීක්ෂණය යටතේ සිදුකරන්න තීරණය කළේ ඇයි? මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි CID අධ්‍යක්ෂ ධුරට දැරූ ශානි අබේසේකර මහතා පවා විශ්වාස කරන මාලිමා ජාතික ලැයිස්තුවේ සිටි මොහොමඩ් ඊබ්‍රයිම් මහතා බේරාගැනීම සඳහා පාස්කු ප්‍රහාරයේ සැබෑ තොරතුරු විකෘති කරලා සමස්ත ජාතියම නොමග යැවීමේ යටි අරමුණින් මේ පත්වීම සිදුකළා යැයි කියන සාධාරණ සැකය අපිට ඇති වෙනවා.

මේ පසුබිම යටතේ අපරාධයට නඩු පැවරිය යුතු බවට කමිටුව විසින් නිර්දේශ කර තිබෙන පොලීසිය යටතේ තිබෙන ප්‍රධානම විමර්ශනයක චුදිතයෙක් බවට, සැකකරුවෙක් බවට පත් වී තිබෙන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා වහාම එම ධුරයෙන් ඉවත් කළ යුතුයි.

රවී සෙනෙවිරත්න මහතා එම තනතුරේ රැඳී සිටින තුරු පොලීසියෙන් යුක්තිය බලාපොරොත්තු වෙන්න බෑ, විශේෂයෙන්ම පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුවීම බලාපොරොත්තු වෙන්න බෑ.

බලයට පත් වී පළමු මාසය තුළම බලය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝනය කිරීම පිළිබඳව ජනාධිපතිතුමා වහාම ජාතියෙන් සමාව ගත යුතුයි

රවී සෙනෙවිරත්න මහතා වහාම තනතුරෙන් පහ කිරීම, තමන් සිතා මතා ජනතාවගෙන් තොරතුරු දැනගැනීම යටපත් කිරීම කියන කාරණා දෙක ඉටු නොකළොත් ඉදිරි පාර්ලිමේන්තුවේදී අපි ජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ඒමට කටයුතු කරනවා."

https://www.youtube.com/watch?v=14CwSihkqfY
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පොළොන්නරුවේ ගොවි රැලියට ජනපති අනුර එක්වෙයි

පොළොන්නරුවේ ගොවි රැලියට ජනපති අනුර එක්වෙයි

පොහොට්ටුවේ අනුරපුර රැලියට හිටපු ජනපති මහින්දත් එක්වෙයි

පොහොට්ටුවේ අනුරපුර රැලියට හිටපු ජනපති මහින්දත් එක්වෙයි

 දරු දෙදෙනා බිලිගත් දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන තවත් තොරතුරු - ඉලක්කය සහෝදරයාද ?

දරු දෙදෙනා බිලිගත් දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය ගැන තවත් තොරතුරු - ඉලක්කය සහෝදරයාද ?

 දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ගැන අනතුරු අඟවයි..

 වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

වෙට්ටු දමා මට්ටු කළ තලාවේ චණ්ඩියා

 දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

දඹුල්ල - කුරුණෑගල පාරේ සිදුවූ බිහිසුණු අනතුර..

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

වියුරු වැටුණු නොමිනිසුන් නිසා නිකරුණේ දෑස් පියාගත් දරුවන් දුමිදු පුතා පොතක ලියාතැබූ සටහනකුත් හමුවෙයි

 මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

මාරයාගෙන් බේරුණු නිමේෂය..සියල්ල CCTV කැමරාවේ

 චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

චීන - ශ්‍රී ලංකා මාධ්‍ය සහයෝගීතා සම්මන්ත්‍රණය කොළඹදී

දෙරණ දඹදිව වන්දනා වරම්...සැදැහැවතුන් ලුම්බිණියට

දෙරණ දඹදිව වන්දනා වරම්...සැදැහැවතුන් ලුම්බිණියට

 දිය, ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි යාත්‍රාවක් මෙරටදී නිපදවයි

දිය, ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි යාත්‍රාවක් මෙරටදී නිපදවයි

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය - මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

 'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"