
නැගෙනහිර චීනයේ නිවසක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 07දෙනෙකු මියගොස් තිබේ.
චීනයේ Anhui පළාතේ පිහිට නිවසක අද අලුයම මෙම ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගින්නට හසුවී මියගිය පුද්ගලයින් 7දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන ඇති අතර එම නිවසේ සිටි තවත් දෙදෙනෙකුගේ සිරුරු මෙතෙක් සොයාගෙන නොමැති බව සඳහන් ය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.





















































