
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කුලපති තනතුර සඳහා ඉදිරිපත් වීමට නියමිත අපේක්ෂකයින්ගේ ලැයිස්තුවට පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඇතුළත් කර නොමැති බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම තනතුර සඳහා 40 දෙනෙකුට වැඩි පිරිසක් අයදුම් කර ඇති අතර අනුමත වී ඇත්තේ 38 දෙනෙකු පමණි.
අපේක්ෂකයින් බැහැර කරනු ලැබුවේ විශ්වවිද්‍යාලයේ බැහැර කිරීමේ නිර්ණායක අනුව පමණක් බවද ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය නිවේදනය කර ඇත.
තනතුර සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට 26,000ක් ලියාපදිංචි වී ඇත.



















































