header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
විශේෂාංග
නවවැනි පාර්ලිමේන්තුවේදී ක්‍රියාත්මක වූ මුළු කාරක සභා හා සංසද
Oct 18, 202410:06 AM
නවවැනි පාර්ලිමේන්තුවේදී ක්‍රියාත්මක වූ මුළු කාරක සභා හා සංසද
Mobitel 1278

නවවැනි පාර්ලිමේන්තුවේ පාර්ලි‌මේන්තු කාලය අවුරුදු 4යි මාස1ක් සහ දින 04ක් වේ.

ඒ 2020 අගෝස්තු 20 දින ඇරඹි මංගල රැස්වීම් දිනයේ සිට විසිරුවා හරිනු ලැබූ දිනය වූ 2024.09.24 දින දක්වා වූ කාලයයි.

ඒ අනුව සභාවාර 5ක් තුළ දින 390ක් රැස්වී තිබෙන නවවැනි පාර්ලිමේන්තුවේ කාල පරිච්ඡේදය තුළ ස්ථාවර නියෝගයන්ට අනුකූලව ස්ථාපිත මුළු කාරක සභා සංඛ්‍යාව 74 කි.

මීට අමතරව විවිධ විෂයන් වෙනුවෙන් පාර්ලිමේන්තු සංසද 12 ක් ක්‍රියාත්මක වූ අතර ඒ අනුව ක්‍රියාත්මක වූ සංසද සහ කාරක සභා එකතුව 86ක් විය.

නවවැනි පාර්ලිමේන්තුවේ කාරක සභා සහ සංසද සංඛ්‍යාව 86කි.

ඊට විශේෂ කාර්යයන් සඳහා කාරක සභා 16, ආංශික අධීක්ෂණ කාරක සභා 17, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා 29, විශේෂ කාරක සභා 11, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභා 01, සහ සංසද 12ක් ද ඇතුළත් විය.

තවද නවවැනි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කාරක සභා වාර්තා ගණන 382කි.

ඊට විශේෂ කාර්යයන් සඳහා කාරක සභා 131, ආංශික අධීක්ෂණ කාරක සභා 121, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා 97, විශේෂ කාරක සභා 08, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව 25ක් ද ඇතුළත්.

ඒ අනුව, විශේෂ කාර්යයන් සඳහා කාරක සභා 16 ක්‍රියාත්මක වූ අතර ඉදිරිපත් කර ඇති වාර්තා ගණන 131කි. විශේෂ කාර්යයන් සඳහා කාරක සභා 16 පහත පරිදි වේ.

- තේරීම් කාරක සභාව
- පාර්ලිමේන්තු කටයතු පිළිබඳ කාරක සභාව
- ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව
- ගෘහ්‍ය කාරක සභාව
- ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව
- රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව
- පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව
- රජයේ මුදල් පිළිබඳ කාරක සභාව
- බැංකුකරණය සහ මුල්‍ය සේවා පිළිබඳ කාරක සභාව
- ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව
- ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව
- මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයතු පිළිබඳ කාරක සභාව
- උසස් නිලතල පිළිබඳ කරක සභාව
- සම්බන්ධීකරණ කාරක සභාව
- පසුපෙළ මන්ත්‍රිවරයන්ගේ කාරක සභාව

ආංශික අධීක්ෂණ කාරක සභා 17 පහත පරිදි වේ.

- ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව
- ප්‍රතිසංධානය සහ ජාතික සමගිය පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව
- ජාතික ආරක්ෂාව පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව
- ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව
- ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව
- භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව
- ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව
- බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව
- ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව
- පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව
- අධ්‍යාපනය පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව
- විදෙස් රැකියා සහ ශ්‍රමය පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව
- යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව
- විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව
- සෞඛ්‍ය පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව
- ළමුන් , කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව
- මාධ්‍ය , තාරුණය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව

ආංශික අධීක්ෂණ කාරක සභා විසින් නව්‍ය අංගයක් ලෙස ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට මෙරට තරුණ තරුණියන් සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම අවධාරණය කරනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස තෝරාගත් තරුණ තරුණියන්ට කාරක සභා රැස්වීම්වලට ක්‍රියාකාරීව සහභාගි වීමට ඉඩකඩ සලසා දීම නවවැනි පාර්ලිමේන්තු කාල සීමාවේදී සිදු විය.

ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට නැවුම් දෘෂ්ටි කෝණයක් සහ නව්‍ය අදහස් ගෙන එමින් ප්‍රතිපත්ති සම්පාදනයේදී සහ අධීක්ෂණයේදී තරුණ පරම්පරාවේ හඬට සවන්දීම සහ සලකා බැලීම සහතික කිරීම, පාර්ලිමේන්තු කාර්යභාරයේ තිබෙන සියුම් සහ සංකීර්ණතා පිළිබඳව ග්‍රහණය කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම ඇතුළු සිවිල් වගකීම් සහ ආයතනික සහ සම්බන්ධතාවයන් පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට අවකාශය සැලසීම මෙහි අරමුණ විය.

තවද ස්ථාවර නියෝගවලට අනුකූලව සෑම කැබිනට් අමාත්‍යාංශයක් සඳහාම එක් උපදේශක කාරක සභා සභාවක් විය යුතු වන අතර, එවන් උපදේශක කාරක සභා 29ක් නවවැනි පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක විය.

ඊට අමතරව නවවැනි පාර්ලිමේන්තු කාල සීමාව තුළදී;

  • ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
  • මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව.
  • යෝජිත ‘ව්‍යාපාර සූදානම් (B-READY) දර්ශකය’ සඳහා සූදානම් ශ්‍රී ලංකාව වීමේ දී මතු වන ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව.
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීමට සහ ඒ සදහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව.
  • ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා සහ එම ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව.
  • ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්, හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව.
  • රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව.
  • ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව.
  • රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව.
  • මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ඇතුළු ජල මූලාශ්‍ර මඟින් පැන නැගී ඇති ගැටළු පිළිබඳව ගැඹුරින් විමර්ශනය කර නව ප්‍රතිනිර්මාණ යෝජනාවලියක් සැකසීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව.
  • ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය පිළිබඳව සමාලෝචනය කර ප්‍රතිසංස්කරණ කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව.

යනාදී වශයෙන් විශේෂ කාරක සභා 11 ක්‍රියාත්මක වූ අතර ඉන් කට‍යුතු අවසන් කොට කාරක සභා වාර්තා 08 ක් ඉදිරිපත් කොට ඇත.

එම වාර්තා 8 වන්නේ,

  • ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව.
  • යෝජිත ‘ව්‍යාපාර සූදානම් (B-READY) දර්ශකය’ සඳහා සූදානම් ශ්‍රී ලංකාව වීමේ දී මතු වන ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව.
  • ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්, හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව.
  • ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක කාරක සභාවේ වාර්තාව.
  • රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක කාරක සභාවේ වාර්තාව.
  • මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක කාරක සභාවේ වාර්තාව.
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීමට සහ ඒ සදහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක කාරක සභාවේ වාර්තාව.
  • ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා සහ එම ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක කාරක සභාවේ වාර්තාව යන වාර්තායි.

තවද, නියෝජ්‍ය කථානායකවරයා සභාපති වූ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව නවවැනි පාර්ලිමේන්තුව තුළදී එහි කටයුතු සම්බන්ධයෙන් කාරක සභා වාර්තා 25ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 “IMF එකටත් චණ්ඩි පාට් දානවා...ආර්ථිකය මොනවා වෙයිද දන්නේ නෑ”“ඇත්ත කිව්වා නම් ප්‍රශ්නේ ඉවරයි”

“IMF එකටත් චණ්ඩි පාට් දානවා...ආර්ථිකය මොනවා වෙයිද දන්නේ නෑ”“ඇත්ත කිව්වා නම් ප්‍රශ්නේ ඉවරයි”

 ‘අනාගතයේ දරුවෝ’ සිඟිත්තන් වෙනුවෙන් මැදකුඹුර වතුයායේ පැවති වෛද්‍ය සායනය

‘අනාගතයේ දරුවෝ’ සිඟිත්තන් වෙනුවෙන් මැදකුඹුර වතුයායේ පැවති වෛද්‍ය සායනය

 ඥානසාර හිමිට ජනපති සමාව ලැබෙයි ද?“වැරදි කරපු අයට එහෙම සමාව දෙන්න බෑ...”

ඥානසාර හිමිට ජනපති සමාව ලැබෙයි ද?“වැරදි කරපු අයට එහෙම සමාව දෙන්න බෑ...”

'පොඩි පැටී' ඝාතනයට වැරදුණු පළිගැනීම - අපරාධයට පෙර පොලිසිය ඉස්සර වෙයි | Ada Derana

'පොඩි පැටී' ඝාතනයට වැරදුණු පළිගැනීම - අපරාධයට පෙර පොලිසිය ඉස්සර වෙයි | Ada Derana

උදෙන්ම ඇහුණ අහුන්ගල්ලේ වෙඩිල්ලේ තවත් කරුණු එළියට - නොකළ වරදකට වෙඩි පත්තු වුණාද? | Ada Derana

උදෙන්ම ඇහුණ අහුන්ගල්ලේ වෙඩිල්ලේ තවත් කරුණු එළියට - නොකළ වරදකට වෙඩි පත්තු වුණාද? | Ada Derana

ලක්ෂ සංඛ්‍යාත පාඨකයන් එක්වූ 'කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය | Ada Derana

ලක්ෂ සංඛ්‍යාත පාඨකයන් එක්වූ 'කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය | Ada Derana

'අරුණ' පුවත්පතේ 8වැනි සැමරුම අර්ථවත්කළ සමාජ සේවය - ''පොත් 11,793ක් ලැබිලා තියෙනවා''| Ada Derana

'අරුණ' පුවත්පතේ 8වැනි සැමරුම අර්ථවත්කළ සමාජ සේවය - ''පොත් 11,793ක් ලැබිලා තියෙනවා''| Ada Derana

IMF නියෝජිතවරිය ඉදිරියේ සජිත් එකහෙළා කියපු කථාව - ආණ්ඩුවටත් අභියෝගයක් | Ada Derana

IMF නියෝජිතවරිය ඉදිරියේ සජිත් එකහෙළා කියපු කථාව - ආණ්ඩුවටත් අභියෝගයක් | Ada Derana

පොලිස් ජීප් එකෙන් අධිකරණයට රැගෙන ආ ඥානසාර හිමි

පොලිස් ජීප් එකෙන් අධිකරණයට රැගෙන ආ ඥානසාර හිමි

වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

දෙරණ දිනන්න අදත් දරුවන්ට අවස්ථාව - ඔබේ නිවේදන හැකියාව ලංකාවටම පෙන්වන්න දෙරණ කුටියට එන්න | Ada Derana

Lassana Flora
Spotlight
දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

ඉන්ධන - ආහාර නැතුව ඉරාන නැව් 20ක් ගාලු මුහුදේ

ඉන්ධන - ආහාර නැතුව ඉරාන නැව් 20ක් ගාලු මුහුදේ

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු... 135ක් ඕනැලු

තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු... 135ක් ඕනැලු

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා