
අමෙරිකාව සහ පිලිපීනයේ සන්නද්ධ හමුදාව එක්වී මහ පරිමාණ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබේ.
එම යුද අභ්‍යාසය තායිවානය සහ දකුණු චීන මුහුදට මුහුණ ලා පිලිපීනයේ ප්‍රදේශ කිහිපයක සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාව සහ පිලිපීනය මෙලෙස මහ පරිමාණ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ආරම්හ කර ඇත්තේ චීනය තායිවානය වට කර පැවැත්වූ හමුදා අභ්‍යාසයෙන් දිනකට පසුව වීම විශේෂත්වයකි.
මෙම යුද අභ්‍යාසය සඳහා අමෙරිකානු හමුදා භටයින් 2000කට වැඩි පිරිසක් එක්වී ඇති බවද වාර්තා වෙයි.





















































