ඉන්දීය ගුවන් යානයක බෝම්බ බියක්
සයුරෙන් එතෙර

ඉන්දීය ගුවන් යානයක බෝම්බ බියක්

October 16, 2024   10:12 am

සිංගප්පුරුව බලා පියාසර කරමින් තිබූ "Air India Express" ගුවන්යානයක බෝම්බයක් ඇති බවට පණිවුඩයක් ලැබීම හේතුවෙන් ආරක්ෂාකාරී පියවර ගැනීමට කටයුතු කළ බව සිංගප්පුරුවේ බලධාරීන් පවසයි.

සිංගප්පුරු ආරක්ෂක අමාත්‍ය Ng Eng Hen පැවසුවේ අදාළ ගුවන්යානයේ බෝම්බයක් ඇති බවට ගුවන් සමාගමට විද්‍යුත් තැපැල් පණිවුඩයක් ලැබුණු බවයි.

ඒ අනුව එරට ප්‍රහාරක ගුවන් යානා දෙකක සහායෙන් Air India යානයට ජනගහනය අඩු ප්‍රදේශයට යෑමට මඟ පෙන්වා තිබුණි.

පසුව එම ගුවන්යානය Changi ගුවන්තොටුපොළේ ගොඩ බස්වා සම්පූර්ණ පරීක්ෂාවක් කර ඇති අතර එහි තිබී කිසිදු පුපුරණ ද්‍රව්‍යක් හමුවී නොමැත.

නමුත් එම ගුවන් සේවයට අයත් වෙනත් යානයක් අමෙරිකාවේ චිකාගෝ නුවර බලා පියාසර කරමින් තිබියදී සමාජ මාධ්‍යයේ පළකර තිබූ තර්ජනයක් හේතුවෙන් කැනඩාවට ගොඩබස්වා තිබුණි.