header logo
Vallibel FD
සයුරෙන් එතෙර
ලොවම බලා සිටින ඉන්දීය - කැනඩා රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය
Oct 15, 202403:27 PM
ලොවම බලා සිටින ඉන්දීය - කැනඩා රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය
Mobitel 1278

සීක් බෙදුම්වාදී නායකයෙක් ලෙස සැලකුණු හර්දීප් සිං නජ්ජාර් කැනඩාවේ බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රදේශයේදී අබිරහස් ලෙස ඝාතනයට කිරීම සම්බන්ධයෙන් කැනඩාව සහ ඉන්දියාව අතර ඇති වී තිබෙන රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය උත්සන්න වෙමින් තිබේ.

එම අර්බුදයේ තවත් පියවරක් ලෙස කැනඩාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 06 දෙනෙකුව එරටින් පිටුවහල් කර ඇති බව වාර්තා වෙයි.

කැනඩාවේ පුරවැසිභාවය හිමි සීක් බෙදුම්වාදී නායකයා පසුගිය වසරේ ජුනි මාසයේදී ඝාතනය කර තිබුණි.

එම ඝාතනය සඳහා ඉන්දීය රජයේ නියෝජිතයන් සම්බන්ධ බවට විශ්වාසනීය සාක්ෂි ඇතැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ චෝදනා කළේ ඒ සමයේදීම ය.

විදේශීය මැදිහත්වීමකින් කැනඩාව තුළදී කැනේඩියානු ජාතිකයෙකු ඝාතනයට කිරීම පිළිගත නොහැකි කරුණක් බව ඔහු එහිදී අවධාරණය කළේය.

එය කැනඩාවේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමක් ලෙසත් අග්‍රාමාත්‍ය ටෘෘඩෝ හැඳින්වීය.

කැනඩාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 06දෙනෙකු පිටුවහල් කරන බව කැනඩාව ඊයේ නිවේදනය කළේ එරට සිටින ඉන්දීය විරෝධීන්ව ඉලක්ක කරන බවට ඉන්දීය රජයට චෝදනා කරමිනි.

ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දියාවත්, එරට වැඩබලන කැනේඩියානු මහකොමසාරිස්වරයා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් 06දෙනෙකු පිටුවහල් කරන බව නිවේදනය කළේය.

එමෙන්ම කැනඩාවේ සිය රාජ්‍ය තාන්ත්‍රිකයන් පිටුවහල් කිරීම ගැන සඳහනක් නොකර ඔවුන් ඉන්දියාව විසින් ඉවත් කරගත් බව ඉන්දිය රජය ප්‍රකාශ කළේය.

කොහොම නමුත් පොදුරාජ්‍ය මණ්ඩලයේ විශාලතම සහ ප්‍රබලතම රාජ්‍යයන් දෙකක් අතර ඇති වී තිබෙන මෙම අර්බුදය දෙරටම අයහපත් ප්‍රතිඵල ගෙනදෙන බව පැහැදිලි කරුණකි.

නව පියවර ප්‍රකාශයට පත්කරමින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ ප්‍රකාශ කළේ ඉන්දීය බලධාරීන්ට එරෙහි කැනඩාවේ සිටින ඉන්දියානුවන් තවදුරටත් ඉන්දීය රජයේ ඉලක්කයක් වන බවය.

කැනඩාවේ සිටින සිව්වැනි විශාලතම ආගමික ජනකොටස වන්නේ සීක්වරුන් ය.

කැනඩාවේ සීක් ජාතික ජනගහණය 800,000ක් පමණ වන අතර එය කැනඩාවේ මුළු ජනගහනයෙන් 2.1%ක් පමණ වෙයි.

විශේෂයෙන් මෙම සීක් ජනකොටස අතර සිටින ක්‍රියාකාරීන් ඉන්දියාව විසින් ඉලක්ක කරගැනිම මහජන ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බව කැනඩා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඉන්දීය බලධාරීන් එම ක්‍රියාකාරීන්ව බෙදුම්වාදීන් ලෙස හඳුන්වයි.

ඉන්දීය රජයට එරෙහි කැනඩාවේ සිටින සීක් ජාතික ක්‍රියාකාරීන් පිළිබඳ තොරතුරු රැස්කිරීමටත්, ඔවුන්ට තර්ජනය කිරීමට සහ ප්‍රචණ්ඩ ප්‍රහාර එල්ල කිරීමට මෙන්ම ඇතැම්විට ඝාතන සිදුකිරීමට ඉන්දියාව පෙළඹී සිටින බව අග්‍රාමාත්‍ය ටෘෘඩෝ කියා සිටියේය.

ඉන්දියාව මේ ආකාරයෙන් කැනඩාව තුළ අපරාධ ක්‍රියාවලිය නිරතවීම මූලික වශයෙන්ම වැරැද්දක් බව අගමැති ටෘෘඩෝ සඳහන් කළේය.

කෙසේ නමුත් කැනේඩියානු රජයේ චෝදනා ප්‍රතික්ෂේප කරන ඉන්දියාව පවසන්නේ කැනේඩියානු අගමැති ටෘෘඩෝ දේශපාලන අරමුණකින් කටයුතු කරන බවයි.

සීක් බෙඳුම්වාදී නායක නජ්ජාර් ඝාතනය සඳහා කැනඩාවේ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන් සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කළ බව රාජකීය කැනේඩියානු අශ්වාරෝහක පොලීසිය ඊට පෙර මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබුණි.

කැනඩාවේ ක්‍රියාවට ප්‍රතිචාර ලෙස ඉන්දියාවද එරට සිටින කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් 06 දෙනෙකුට ලබන සෙනසුරාදාට පෙර නික්මෙන ලෙස දැනුම්දී තිබේ.

එමෙන්ම ඔවුන් ඉන්දියාවේ වැඩබලන කැනඩා මහකොමසාරිස් ස්ටුවට් වීලර් කැඳවා කරුණු විමසා ඇති බවද වාර්තා වෙයි.

කැනඩාවේ සිටින සිය රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව විශ්වාසයක් නොමැතිකම නිසා ඔවුන් ඉවත්කරගන්නා බව මේ අතර ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

කැනඩාව විසින් ඉන්දීය මහකොමසාරිස්වරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් 06 දෙනෙකු පිටුවහල් කළේ නජ්ජාර් ඝාතනයට අදාළ ප්‍රශ්න කිරීම් සඳහා ඉඩ සලසමින් ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය ඉවත්කරගන්නා ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා සිටීමෙන් අනතුරුව ය.

ඒ සඳහා ඉන්දියාව සහයෝගයෙන් කටයුතු නොකළ බැවින් රාජ්‍ය තාන්ත්‍රිකයන් පිටුවහල් කිරිමට පියවරගත් බව කැනඩා විදේශ අමාත්‍ය මෙලනි ජෝලි ප්‍රකාශ කළාය.

කැනඩාවට ඉන්දියාව සමග රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් අවශ්‍ය නොවන නමුත්, ඕනෑම රටක නියෝජිතයන් කැනේඩියාවන් පීඩාවට ලක්කරමින් ඝාතන පවා සිදුකරන විට නිහඬව බලාසිටිය නොහැකි බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

පසුගිය වසරේ ඔක්තෝබර් පටන් මේ දක්වා කැනඩාව විසින් ඉන්දියාවේ සිටි සිය රාජ්‍ය තාන්ත්‍රිකයන් 40 දෙනෙකු පමණ යළි කැඳවා තිබුණි.

මේ අතර අමෙරිකා එක්සත් ජනපදයේ සිටින සීක් බෙදුම්වාදී නායකයෙකු නිව්යෝක් නුවරදී පසුගිය වසරේදී ඝාතනය කිරීමට උත්සාහ කළ බවට ද ඉන්දියාවට චෝදනා එල්ල වෙයි.

ඒ සඳහා ඉන්දීය රජයේ නිලධාරියෙකුගේ උපදෙස් මත ඉන්දීය ජාතිකයෙකු කටයුතු කරමින් සිට ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ඉන්දීය රජයෙන්ද පරීක්ෂණයක් පවත්වන අතර ඔවුන් පසුගිය සතියේ වොෂින්ටනයේදී අමෙරිකානු බලධාරීන් මුණගැසී ඇති බව සඳහන් ය.

කැනඩාවේ සහ ඉන්දියාවේ ද්වත්ව පුරවැසිභාවය හිමි ගුර්පට්වාන්ට් සිං නමැති සීක් බෙඳුම්වාදී නායකයා ඝාතනය කිරීම සඳහා ඉන්දිය ඔත්තු සේවා නිලධාරියෙකු සැලසුමක් දියත් කර තිබූ බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව චෝදනා කළේය.

අමෙරිකාවේ සහ කැනඩාවේ සීක් ඩයස්පෝරාව ඉන්දියාවේ සීක් බෙදුම්වාදය තවදුරටත් ක්‍රියාත්මක කරන බවට ඉන්දීය රජය චෝදනා කරයි.

ඉන්දියාවේ සීක් ජන කොටසේ බහුතරයක් වෙසෙන පන්ජාබ් ප්‍රාන්තය කේන්ද්‍ර කොටගෙන කාලිස්ථාන් නමින් ස්වාධීන සීක් රාජ්‍යයක් බිහිකිරීම සඳහා උත්සහයක් ක්‍රියාත්මක වන්නේ 1930 ගණන්වල සිට ය.

ඉන්දියාවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනය අවසන් වෙද්දී විශේෂයෙන් ඉස්මතු වූ කාලිස්ථාන් බෙදුම්වාදී අරගලය 1980 දශකය වන විට උපරිම මට්ටමකට පැමිණ තිබුණි.

පන්ජාබයේ සීක් රාජ්‍යයක් පිහිටුවීම සඳහා එවකට පාකිස්තාන අග්‍රාමාත්‍ය සුල්ෆිකර් අලි භූතෝ ගේ සහාය පළ කිරීම 1971 ඉන්දු-පාකිස්තාන යුද්ධයට මුල් වූ බවටද මතයක් පවතියි.

නැගෙනහිර පාකිස්තානය, බංග්ලාදේශය ලෙස වෙනම රාජ්‍යයක් බවට පත්වූයේ එම යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙනි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana