
ජාඇළ, ඒකල ප්‍රදේශයේ දී අද (14) දහවල් පුද්ගලයෙක් ට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි අප වාර්තාකරු පැවසීය.
දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් එම පුද්ගලයාගේ ගෙලට තියුණු ආයුධයකින් පහරදී එම ඝාතනය සිදුකර තිබුණි.
ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ජාඇළ පොලීසිය මගින් සිදු කරයි.



















































