
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාකිස්තානය වෙත අමෙරිකානු ඩොලර් බිලියන 7ක ණය මුදලක් අනුමත කර තිබේ.
එහි පළමු වාරිකය වන අමෙරිකානු ඩොලර් බිලියනයක මුදල කඩිනමින් ලබාදීමට නියමිත අතර, ඉතිරි මුදල ඉදිරි තෙවසර තුළ වාරික ලෙස ලබාදීමට නියමිතය.
පසුගිය වසරේදී පාකිස්තානය ණය පැහැර හරින රටක් බවට පත්වීමට ආසන්නයේ පසුවූ අතර, අත්‍යවශ්‍ය භාණ්ඩ අපනයන සඳහා ප්‍රමාණවත් විදෙස් මුදල් ඔවුන් සතුව පැවතියේ නැත.
ඉන් අනතුරුව ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමුවූ අතර ඔවුන්ගේ කොන්දේසි සපුරාගැනීමට පුද්ගල සහ ව්‍යාපාර බදු ඉහළදැමීම ඇතුළු ජනප්‍රිය නොවන තීන්දු රැසක් ගැනීමට ඔවුන්ට සිදුවුණි.



















































