header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
නව ජනපති ලෙස අනුර දිවුරුම් දෙයි
Sep 23, 202410:04 AM
නව ජනපති ලෙස අනුර දිවුරුම් දෙයි
Mobitel 1278

09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය.

සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා, ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටී.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.

1966 වසරේ නොවැම්බර් මස 24 වනදා උපත ලැබු අනුර කුමාර දිසානායක මහතා තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගනු ලැබීය.

අනතුරුව තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් ව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා විද්‍යා ගණිත අංශයෙන් පෙනී සිටිමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණි.

1992 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් වු අනුර කුමාර දිසානායක මහතා 1995 වර්ෂයේ දී විද්‍යාවේදී උපාධිය ලබාගෙන තිබේ.

1987 වසරේ දී එවකට පැවති ආණ්ඩුව විසින් අත්සන් කරන ලද ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහිව රට පුරා ගොඩ නැගුණු දැවැන්ත මහජන විරෝධතාවලට ශිෂ්‍ය ක්‍රියාධරයෙකු ලෙස දායකත්වය ලබාදුන් ඔහු සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු බවට පත් වුණි.

දැවැන්ත රාජ්‍ය මර්දනයකට ලක් වීමෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ පුනරාගමනය සිදුවු 1993 කාලවකවානුවෙන් පසුව නැවත ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන අනුර කුමාර දිසානායක 1997 වර්ෂයේ දී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක ධුරය හිමිකර ගනු ලැබීය.

1997 වසරේ දීම ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට තේරී පත්වු ඔහු 1998 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට ඇතුළත් වී තිබේ.

1999 වසරේ පැවති පළාත් සභා මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ මහඇමති අපේක්ෂකයා ලෙස මධ්‍යම පළාත් සභාවට තරග වදිමින් පළමු වරට දේශපාලන ප්‍රවේශය ලබා ගනු ලැබීය.

2000 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වු අනුර කුමාර දිසානායක මහතා පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වුණි.

2004 වර්ෂයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුවට තේරී පත්වන ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍යධුරයේ කටයුතු කරනු ලැබීය.

2008 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස තේරී පත්වු අනුර කුමාර දිසානායක මහතා 2010 වසරේ දී ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත් ව තිබේ.

2014 වසරේ පෙබරවාරි මස 02 දින පැවති ජනතා විමුක්ති පෙරමු‍ණේ 07 වෙනි ජාතික සම්මේලනයේ දී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වට පත් වු ඔහු 2015 වසරේ දී කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස තේරී පත්වුණි.

2019 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා දේශපාලන ක්‍රියාකාරීන් එක්කර ගනිමින් ජාතික ජන බලවේගය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කරනු ලැබීය.

2019 වසරේ පැවති ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වු අනුර කුමාර දිසානායක මහතා සියයට 3.16ක ඡන්ද ප්‍රතිඵලයක් ලබා ගත් අතර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත් වුණි.

2021 වසරේ දෙසැම්බර් මස 20 වන දින පවත්වන ලද ජාතික ජනබල වේගය පළමු ජාතික සමුළුවේ දී ජාතික ජන බලවේගයේ නායකත්වට පත්වන අනුර කුමාර දිසානායක මහතා මෙවර ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් පත්ව ජයග්‍රහණය කරනු ලැබීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
''ආවරණයක් දෙන්නේ නෑනේ.. පොල්අතු වහලක් ගහලා 4දෙනෙක් අල්ලන් ඉන්න'' | Ada Derana

''ආවරණයක් දෙන්නේ නෑනේ.. පොල්අතු වහලක් ගහලා 4දෙනෙක් අල්ලන් ඉන්න'' | Ada Derana

මාතර, තලල්ල වෙරළෙන් මතුවූ අබිරහස් ගමන් මලු - දෙහිබාලේ මල්ලි එවූ අයිස් බවට සැකයක් | Ada Derana

මාතර, තලල්ල වෙරළෙන් මතුවූ අබිරහස් ගමන් මලු - දෙහිබාලේ මල්ලි එවූ අයිස් බවට සැකයක් | Ada Derana

උඩදුම්බර නගරයට ආ මහා සඟරුවන - ඥානසාර හිමිට නිදහස ඉල්ලයි - බුදුදහම රැකගන්න පාගමනක | Ada Derana

උඩදුම්බර නගරයට ආ මහා සඟරුවන - ඥානසාර හිමිට නිදහස ඉල්ලයි - බුදුදහම රැකගන්න පාගමනක | Ada Derana

කුඩු අංජුගේ ගෝලයෙක් අයිස් එක්ක මාට්ටු - මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරනවාට වරකට රු. 20,000 ගානේ දීලා

කුඩු අංජුගේ ගෝලයෙක් අයිස් එක්ක මාට්ටු - මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරනවාට වරකට රු. 20,000 ගානේ දීලා

''අදහස් පළ කරන්න..ෆේස්බුක් පෝස්ට් එකක් දාන්න තියෙන නිදහස අහෝසිවෙලා'' | Ada Derana

''අදහස් පළ කරන්න..ෆේස්බුක් පෝස්ට් එකක් දාන්න තියෙන නිදහස අහෝසිවෙලා'' | Ada Derana

''සිවුරට අත තියන්න කිසිම ගිහියෙකුට බෑ'' - ''ලොකු වරදක් කළේ'' | Ada Derana

''සිවුරට අත තියන්න කිසිම ගිහියෙකුට බෑ'' - ''ලොකු වරදක් කළේ'' | Ada Derana

ජර්මන් දන්නා මහාචාර්යවරයෙකු හදිසියේම සත්‍යග්‍රහ භූමියට | Ada Derana

ජර්මන් දන්නා මහාචාර්යවරයෙකු හදිසියේම සත්‍යග්‍රහ භූමියට | Ada Derana

ඇප ප්‍රතික්ෂේප වූ නාමල් හා ජානකී - අධිකරණයේදී තවත් කරුණු එළියට | Ada Derana

ඇප ප්‍රතික්ෂේප වූ නාමල් හා ජානකී - අධිකරණයේදී තවත් කරුණු එළියට | Ada Derana

රාජ්‍ය ඇමති කාලයේ කරපු වැඩවලට චාමරට වැටුණු නඩු - අද ලැබුණු නියෝගය | Ada Derana

රාජ්‍ය ඇමති කාලයේ කරපු වැඩවලට චාමරට වැටුණු නඩු - අද ලැබුණු නියෝගය | Ada Derana

 විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 8යි | උදෑසන නවතම තත්ත්වය...

විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 8යි | උදෑසන නවතම තත්ත්වය...

විහාර මහාදේවී භූමිය වටකළ පිරිසට ඇසෙන්න කස්සප හිමි සැරට කියයි..

විහාර මහාදේවී භූමිය වටකළ පිරිසට ඇසෙන්න කස්සප හිමි සැරට කියයි..

අධිකරණ නියෝගයත් සමඟ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල නොසන්සුන් තත්ත්වයක්

අධිකරණ නියෝගයත් සමඟ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල නොසන්සුන් තත්ත්වයක්

 ලංකාවට ආපු තායිලන්ත නි.අගමැතිව නොසලකා හැරීම ගැන දිලිත් ආණ්ඩුවට සැරට කියාදෙයි

ලංකාවට ආපු තායිලන්ත නි.අගමැතිව නොසලකා හැරීම ගැන දිලිත් ආණ්ඩුවට සැරට කියාදෙයි

 කැලඹිලි ස්වභාවය දිවයිනෙන් ඈතට යද්දි බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක්...ඉන්දියාවෙනුත් අනතුරු ඇඟවෙයි...

කැලඹිලි ස්වභාවය දිවයිනෙන් ඈතට යද්දි බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක්...ඉන්දියාවෙනුත් අනතුරු ඇඟවෙයි...

හැකරැල්ලෝ ආක්‍රමණය කළ ගමක් “තෙල් ගැහුවම මැරෙනවා...ඊට වඩා ඉක්මනට බෝවෙනවා” | Ada Derana

හැකරැල්ලෝ ආක්‍රමණය කළ ගමක් “තෙල් ගැහුවම මැරෙනවා...ඊට වඩා ඉක්මනට බෝවෙනවා” | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්