
තායිවානයට ආයුධ අලෙවි කිරීමේ සිද්ධියට සම්බන්ධ අමෙරිකානු සමාගම් 09කට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට චීනය කටයුතු කර ඇතැයි තායිවානය පවසා තිබේ.
එම වාර්තා පෙන්වා දෙන්නේ චීන විදේශ අමාත්‍යාංශයට අනුව මෙම ප්‍රතිචාර දැක්වීම කොටස් දෙකකින් ක්‍රියාත්මක කෙරෙනු ඇති බවය.
ඒ අනුව පළමුවෙන් චීනය තුළ මෙම අමෙරිකානු සමාගම් සතු සියලු දේපළ තහනම් කරනු ඇත.
දෙවනුව, චීනයේ දේශීය සංවිධාන සහ පුද්ගලයින් සමග කිසිදු ගනුදෙනුවක් හෝ ක්‍රියාකාරකමක් සිදු කිරීම අදාළ අමෙරිකානු සමාගම්වලට තහනම් වනු ඇත.
අමෙරිකාව තායිවානයට ආයුධ අලෙවි කිරීම චීනය දැඩි ලෙස හෙළාදැක තිබේ.





















































