
ඉන්දියාව සහ අමෙරිකාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබේ.
දෙරට අතර මෙම යුද අභ්‍යාසය සැප්තැම්බර් 9 වනදා ආරම්භ වී තිබෙන අතර ලබන 22 දක්වා එය ක්‍රියාත්මකය.
ආරක්ෂක සහයෝගීතාව, උපායශීලී ප්‍රතිපත්ති, සටන් ක්‍රම, උපාය මාර්ගිය හැකියාවන් ආදිය වැඩිදියුණු කරමින් දෙරටේ හමුදා අතර අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම මෙහි අරමුණක් වෙයි.



















































