
හැටන් නල්ලතන්නිය ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
ත්‍රිරෝද රථයක් සහ කැබ් රථයක් ගැටීමෙන් එම අනතුර සිදුවී ඇති බව පොලීසිය පැවසීය.
අනතුරින් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා මස්කෙළිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



















































