header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ජනපති සමාව ගත් සිද්ධිය ගැන ජයම්පති දුන් පිළිතුර
Jul 20, 202401:08 PM
ජනපති සමාව ගත් සිද්ධිය ගැන ජයම්පති දුන් පිළිතුර
Mobitel 1278

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමේදී ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර හයේ සිට වසර 5 දක්වා අඩු කළ නමුත්, එම ධුර කාල වැඩි කළ හැකි හය අවුරුද්දේ උපරිමය වෙනස් කිරීමට යෝජනා නොකළේ එවැන්නකට ජනමත විචාරණයක් අවශ්‍ය වූ බැවින් බව ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතා පවසයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඊයේ (19) ගාල්ලේ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට ජයම්පතී වික්‍රමරත්න මහතා අද (20) ප්‍රතිචාර දක්වා ඇත්තේ, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය අධීක්ෂණය සඳහා එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත් කරන ලද අතර ඊට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු සහ ජනාධිපති නීතිඥ ජයම්පතී වික්‍රමරත්න මහතා ද සම්බන්ධව සිටියේය.

ඊයේ ගාල්ලේ පැවැති උත්සවයකදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, 19 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය වෙනස් නොකිරීම ජයම්පතී වික්‍රමරත්න මහතා අතින් පළපුරුද්ද නොමැතිකමින් සිදුවූ අත්වැරැද්දක් ලෙසය.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥවරයා අද මාධ්‍යයට නිවේදනයක් නිකුත් කර තිබුණි.

සිය මාධ්‍ය නිවේදනය මගින් ජයම්පතී වික්‍රමරත්න මහතා පෙන්වා දෙන්නේ, 19 වැනි ව්‍යස්ථා සංශෝධනය සකස් කිරීමේදී කිසිදු ජනමත විචාරණයකට බඳුන් නොවන ලෙස එම ක්‍රියාවලිය සිදුකිරීමට එවක ආණ්ඩුව තීරණය කර තිබූ බවය.

උපුටා ගැනීම,

මුළු කෙටුම්පත් ක්‍රියාවලියම සිදුකරන ලද්දේ ජනාධිපති සිරිසේනගේ මැතිවරණ ප්‍රකාශයට අනුකූලව 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමත විචාරණයකට ඉදිරිපත් නොකරන පදනම අනුවය. ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය හය අවුරුද්දේ සිට පස් අවුරුද්ද දක්වා අඩු කළ නමුත්, එම ධුර කාල වැඩි කළ හැකි හය අවුරුද්දේ උපරිමය වෙනස් කිරීමට ආණ්ඩුව යෝජනා නොකළේ එවැන්නකට ජනමත විචාරණයක් අවශ්‍ය බැවිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තිය ප්‍රකාර එහි සඳහන් වගන්ති ගණනාවක් පෙරකී හය අවුරුදු කාලයට පටහැනි ඕනෑම වෙනසකට ජනමත විචාරණයක් අවශ්‍යය. තවද 83 වැනි වගන්තිය සංශෝධනය කිරීමටද ජනමත විචාරණයක් අවශ්‍ය බව මතක තබා ගත යුතුය.

උපුටා ගැනීම අවසන්.

සංශෝධන ක්‍රියාවලියේදී පිළියෙල කරන ලද සෑම කෙටුම්පතක්ම කැබිනට් අනුකමිටුව සමග සාකච්ඡා කරන ලද බවත්, අනුකමිටුව විසින් අනුමත කළ අවසාන කෙටුම්පත් නීති කෙටුම්පත්කරුට යොමුකිරීමෙන් අනතුරුව එහි වෙනස්කම් කිහිපයක් සිදුකළ බවත් ජයම්පතී වික්‍රමරත්න මහතා සිය ලිපියෙන් පෙන්වා දෙයි.

මෙම කාරණා සාකච්ඡා කිරීම සඳහා එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කිහිපවරක්ම නීතිපතිවරයා කැඳවූ අතර නීතිපතිවරයාගේ ස්ථාවරය නිසා පනත් කෙටුම්පතට වෙනස්කම් කිහිපයක් කළ බවද ඔහු පවසයි.

ඒ අනුව 19 වැනි සංශෝධනය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළ විට ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා කිසිම ප්‍රතිපාදනයකට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව කියා සිටි බවද අදාළ ලිපියේ සඳහන් ය.

උපුටා ගැනීම,

කරුණු මෙසේ තිබියදී ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ උපරිම ධුර කාලය හය අවුරුද්දේ සිට පස් අවුරුද්ද දක්වා අඩු නොකිරීම මාගේ ප්‍රමාදයක් ලෙස ජනාධිපති වික්‍රමසිංහ හුවා දැක්වීම ගැන මට ඇත්තේ කලකිරීමකි. ජනාධිපති සිරිසේනගේ මැතිවරණ ප්‍රකාශයට අනුකූලව 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමත විචාරණයකට ඉදිරිපත් නොකරන පදනම යටතේ මුලු සංශෝධන ක්‍රියාවලියම සිදුවූ බව නැවත අවධාරණය කරමි.

උපුටා ගැනීම අවසන්.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

 කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

 බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

 දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

 අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න  කලින් කතාකරපු රුමේෂ්

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න කලින් කතාකරපු රුමේෂ්

 බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

 ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

Lassana Flora
Spotlight
විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ