පුද්ගලයෙක් ව ඝාතනය කර කැබ් රථයක දමා ගිනි තියලා
July 15, 2024 09:58 am
උප්පුවේලි ප්‍රදේශයේදී පුද්ගලයෙකුව ඝාතනය කර කැබ් රථයක් තුළට දමා පුළුස්සා ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (14) උප්පුවේලි පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයක දී හෙළිවී ඇත්තේ පුද්ගලික ආරවුලක් මත ඊයේ අළුයම් කාලයේ දී මෙම ඝාතනය සිදුකර ඇති බවය.
මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි ඇලස්වත්ත, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අපරාධයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් අවුරුදු 24ක් වයසැති කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිව සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනයට ලක් වූ පුද්ගලයා නිලාවේලී පාර ඇලස්වත්ත පාර, ඇලස්වත්ත ප්‍රදේශයේ වෙළෙඳසැලක් පවත්වාගෙන ගොස් ඇත.
මෙම පුද්ගලයා තවත් දෙදෙනෙකු සමඟ වෙළෙඳසැල තුළ සිටිය දී සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ මෙම පුද්ගලයාට පහරදී ඔහුව ඔහුගේම කැබ් රථය ද සමඟ පැහැරගෙන ගොස් තිබේ.
පසුව ඔහුව ඝාතනය කර දේහය මොරවැව ප්‍රදේශයේ කැලෑබද ස්ථානයකට ගෙන ගොස් කැබ් රථයට තුළ ට දමා පුළුස්සා තිබේ.
ඝාතනයට යොදා ගත් බවට සැකකරන පොල්ලක් සොයාගෙන ඇති අතර උප්පුවේලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.