වසන්ත ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්
July 10, 2024 05:18 pm
ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් 07 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සැකකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 22 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.
ව්‍යාපාරිකයකු වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත, ජුලි 08 වනදා අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයකදී සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණි.
එම අවස්ථාවේ එහි සිටි ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ. සුජීවාගේ සැමියා වන නයන වාසුල නමැත්තාද මියගිය අතර කේ.සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිය, තවත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණි.