මිනුවන්ගොඩින් හමුවූ පතරොම් ගබඩාව 

මිනුවන්ගොඩින් හමුවූ පතරොම් ගබඩාව 

July 10, 2024   10:05 am

මිනුවන්ගොඩ  වසමේ ජාපාලවත්ත ප්‍රදේශයේදී පොලීසියට ලද තොරතුරක් මත ගිනි අවි සඳහා යොදන පතරොම් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් ව අත්අඩංගුවට ගෙන තිබේ.

යුක්තිය මෙහෙයුමට සමගාමීව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් විසින් එම වැටලීම ඊයේ (09) සිදුකළේය.

එහිදී T-56 ගිනි අවි පතරොම් ගැබ 2ක්, පිස්තෝල පතරොම් ගැබ 2ක්, T-56 ජීව පතරොම් 144ක්, පිස්තෝල සඳහා භාවිත වන පතරොම් 02ක් සොයාගෙන තිබුණි.

43 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි එම සැකකරු සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් අටක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

මෙම පතරොම් සහ පතරොම් ගැබ විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් විසින් මෙම සැකකරුට ලබා දෙන්නට ඇතැයි පොලීසිය සැක කරයි.