header logo
SLIC
විශේෂාංග
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පුටුවට ඡන්දයක් නෑ - (Exclusive)
Jun 15, 202407:44 PM
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පුටුවට ඡන්දයක් නෑ - (Exclusive)
EDEX

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සැකසීමට පත්කළ "විනිසුරු චිත්‍රසිරි කමිටු" වාර්තාව අද (15) ජනාධිපතිවරයාට භාර දුන්නේය.

එමගින් නිර්දේශ කර ඇත්තේ, ක්‍රිකට් සභාපතිවරයා තෝරාගැනීම ක්‍රීඩා සංගම් ඡන්දයෙන් සිදුනොකළ යුතු බවයි.

එමෙන්ම, 18 දෙනකුගෙන් සමන්විත ක්‍රිකට් නිලධාරී මණ්ඩලයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවේ නිරත වූ ක්‍රීඩකයින් පස්දෙනෙකු ඇතුළු විය යුතු බවද විනිසුරු චිත්‍රසිරි කමිටු වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.

තවත් අසාර්ථක තරගාවලියක් නිමා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉතිහාසයේ පළමු වරට 20-20 ලෝක කුසලාන තරගාවලියක පළමු වටයෙන්ම ඉවත්විමට මෙවර සිදු විය.

එමෙන්ම පසුගිය වසරේ පැවති ආසියානු කුසලානයේ අවසන් මහා තරගයේදී සහ ඉන්දියාවේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දැවැන්ත පසුබෑමත් සමඟ ක්‍රීඩකයින්ට මෙන්ම ක්‍රිකට් පරිපාලනයටත් දැඩි විරෝධයක් එල්ල වුණි.

එවක ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රිකට් පරිපාලනය වෙනස් කරමින් පසුගිය වසරේ නොවැම්බර් 5 වැනිදා ගැසට් නිවේදනයක් මගින් අන්තර් පාලන මණ්ඩලයක් පත්කළ අතර පසුදින අභියාචනාධිකරණයෙන් ඊට වාරණයක් නිකුත් කළේය.

එදිනම පැවති කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා විසින් අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් කංචන විජේසේකර, මනූෂ නානායක්කාර සහ ටිරාන් අලස් යන අමාත්‍යවරුන්ගෙන් සමන්විත කැබිනට් අනු කමිටුවක් පත් කරනු ලැබීය.

ඒ, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණදෙන ගැටලු පිළිබඳ සොයා බලා ඒ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට ය.

එම කැබිනට් අනු කමිටුව ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් පසු සිය නිර්දේශ සහිත වාර්තාව මේ වසරේ ජනවාරි 8 වනදා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළේය.

එම නිර්දේශ මගින් යෝජනා රැසක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව,

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය හා ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීම.

  • ජාතික පිරිමි හා කාන්තා කණ්ඩායම්, 19න් පහළ හා 17න් පහළ කාණ්ඩ ඇතුළු විවිධ මට්ටම්වල ක්‍රීඩකයන්ගේ පරිපාලනය, පුහුණුව හා යහපැවැත්ම
  • ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුළ විනිවිදභාවය, වෘත්තීයභාවය, වගවීම ආදී යහපාලනයන් හා යහ භාවිත ප්‍රවර්ධනය
  • කුසලතාවය, සමානාත්මතාවය හා සාධාරණත්වය වැළඳ ගනිමින් පාසල්, දිස්ත්‍රික්, පළාත් හා සමාජ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීම.

මෙම කැබිනට් අනු කමිටුවේ නිර්දේශ සහිත වාර්තාව පදනම් කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට විද්වත් කමිටුවක් පත් කිරීමට ඉකුත් පෙබරවාරි 13 වනදා පැවති කැබිනට් රැස්වීමේදී අවසර හිමිව තිබුණි.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විද්වත් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ජනාධිපති නීතීඥ හර්ෂ අමරසේකර, නීතීඥ ආචාර්ය අරිත්ත වික්‍රමනායක, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ සහ සහකාර නීති කෙටුම්පත් සම්පාදක ශමිලා ක්‍රිෂාන්ති යන මහත්ම මහත්මීන් කටයුතු කළේය.

ඒ අනුව ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කර දේශපාලන හා විවිධ අතපෙවීම්වලින් තොරව ක්‍රිකට් ආයතනයේ කටයුතු කරගෙන යාමට විනිසුරු චිත්‍රසිරි කමිටුව නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

එහි තවත් නිර්දේශයක් වන්නේ, 18 දෙනෙකුගෙන් සමන්විත ක්‍රිකට් නිලධාරී මණ්ඩලයට සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් පත්කිරීම ක්‍රීඩා සංගම් ඡන්දයකින් තොරව සිදුවිය යුතු බවයි.

මෙම 18 දෙනාගෙන් 9 දෙනෙකු පත්කිරීමේ බලය සුවිශේෂී පුද්ගලයින් 4 දෙනෙකුට හිමිවෙයි.

ඒ, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති, වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපති සහ තවත් පුද්ගලයෙකි.

ඔවුන් විසින් පත්කරන ක්‍රිකට් නිලධාරී මණ්ඩලයේ 9 දෙනාගෙන් 5 දෙනෙකු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාකළ අය විය යුතු වන අතර සෙසු 4 දෙනා විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයින් විය යුතු බව එම නිර්දේශ වල සඳහන් ය.

එම සාමාජිකයින් 9 දෙනා එලෙස තේරී පත්වෙද්දී අනෙක් 9 දෙනා තෝරාගැනීමේ බලය ක්‍රිකට් ක්‍රීඩා සමාජ වෙත ලබාදීමට නියමිත බව ද අද දෙරණ කළ සොයාබැලීමේදී අනාවරණ විය.

https://youtu.be/uKjema73iqw
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට