කැලේ පැලට ආ තුන් නිවුන් දරු පැටවුන්ගේ දුක හිතෙන කතාව

කැලේ පැලට ආ තුන් නිවුන් දරු පැටවුන්ගේ දුක හිතෙන කතාව

May 15, 2024   02:47 pm

දරුවන් නොමැතිව දුක්වෙන බොහෝ දෙමාපියන් අතරේ වාසනාවන්ත දෙමාපිය යුවළක් පිළිබඳ අපිට වාර්තා වන්නේ හබරණ පුවක්පිටිය ප්‍රදේශයෙනි.

එහෙත් ඒ වාසනාවන්තකම අද වනවිට ඔවුන්ව දැඩි ලෙස පීඩාවට පත්කර ඇති අයුරු අපට දැකගත හැකි විය .

කුඩා දියණියක් ද සිටින මේ මාපිය යුවළට නිවුන් පුතුන් තිදෙනෙකුගේ උපත වාසනාවක් වුවත් ඔවුන් දිවි ගෙවන මේ කටුමැටි පැලට එය ආර්ථිකමය වශයෙන් දරාගැනීම අසීරු කරුණකි.

අනෝරා වැස්සෙන් පවා පැල්පතට සිදුවන්නේ අරියාදුකම්.

පානීය ජල පහසුකම් හෝ විදුලියවත් මේ කුඩා නිවසට නොමැත.

මේ පුංචි නිවස අවට ඇත්තේ ඝන කැලෑවක් නිසා ආරක්ෂාව සඳහා ඔවුන් රාත්‍රී කාලයේ දිවි ගෙවන්නේ ගසක් මත තැනූ පැලකය.

මේ පැටවුන්ගේ පියා එම පැලෙන් බිමට වැටි මේ වනවිට ආබාධිතව පසුවේ.

කෙසේ වෙතත් දරුවන්ගේ මව්පියන් පවසන්නේ දරුවන්ට අවශ්‍ය පහසුකම් සහ ආරක්ෂාව ලබාදීමට තමන්ට වත්කමක් නොමැති බවය.

දරුවන්ගේ මව ඉතා දුක්බරව ඉල්ලා සිටින්නේ, තම දරුවන් සිව්දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් නිවසක් සදා ගැනීමට කිසිවකුගෙන් හෝ උපකාරයකි.

මේ පුංචි පැටවුන්ට පිළිසරණක් විය හැකි නම් එය සැබවින්ම මහත් වූ පුණ්‍ය කර්මයකි.

වැඩි විස්තර - 077 341 6157