වාහන ආනයනය ගැන ගත් අලුත්ම කැබිනට් තීරණය 

වාහන ආනයනය ගැන ගත් අලුත්ම කැබිනට් තීරණය 

April 2, 2024   12:33 pm

සංචාරක ව්‍යාපාරයේ අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එම වාහන ආනයනය සඳහා විශේෂ බදු සහන හිමි නොවෙයි.

ඒ අනුව විශේෂයෙන්ම සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කිරීම පිණිස ආසන 6 - 15 වෑන් රථ 750ක් (විදුලි සහ දෙමුහුන් රථ ඇතුළුව)  සහ ආසන 16-30 කුඩා ප්‍රමාණයේ බස් රථ හා ආසන 30-45 බස් රථ 250ක් ආනයනය කිරීම ට අනුමැතිය ලැබුණි.