header logo
Vallibel FD
Valible Le
විශේෂාංග
රුසියාව සලිත කළ ප්‍රහාරය - පුටින් ගේ සැලැස්ම
Mar 25, 202404:39 PM
රුසියාව සලිත කළ ප්‍රහාරය - පුටින් ගේ සැලැස්ම
Mobitel 1278

මොස්කව්හි ක්‍රෝකස් නගර ශාලාවට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවන් සිව්දෙනා මොස්කව්හි අධිකරණයක් හමුවට ඉදිරිපත් කර චෝදනා ගොනුකිරීමට රුසියානු ආරක්ෂක බලධාරීන් තීරණය කර තිබේ.

එහිදී ඔවුන්ගේ අනන්‍යතාවද අනාවරණ කර ඇති අතර ඔවුන් සිව්දෙනාම ටජිකිස්තාන ජාතිකයින් බව සඳහන් ය.

රුසියාවේ මොස්කව් නුවර ක්‍රෝකස් නගර ශාලාවේ පැවැති සංගීත ප්‍රසංගයකට පැමිණි පිරිසක් ඉලක්කකර ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වූයේ පසුගිය සිකුරාදා රාත්‍රියේදී ය.

ප්‍රහාරයෙන් සිදුවූ මරණ ගණන 137දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර, ප්‍රහාරයෙන් තුවාල ලැබූ 150කට වැඩි පිරිසක් තවමත් රෝහල්ගතව පසුවෙති.

එදිනම පස්වරුවේ අත්අඩංගුවට ගත් ප්‍රහාරයේ සැකකරුවන් සිව්දෙනා ඊයේ දිනයේදී මොස්කව් හි අධිකරණයක් හමුවට ඉදිරිපත් කෙරුණි.

සැකකරුවන්ගෙන් තිදෙනෙක් මේ වනවිටත් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර සිව්වැන්නා වන 19 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරුණේ ද රෝද පුටුවක ආධාරයෙනි.

සැකකරුවන් සිව්දෙනාම ලබන මැයි මස 22වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට අධිකරණය අවසර ලබාදුන් අතර ඉන් පසුව ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවෙතැයි අපේක්ෂිත ය.

මේ අතර ඊයේ (24) රුසියාවට ජාතික ශෝක දිනයක් විය.

ඒ අනුව ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිකර ඉටිපන්දම් දල්වා ගෞරව පුද කළේය.

මොස්කව් හි ජනතාව ඊයේත් ප්‍රහාරය සිදුවූ ක්‍රෝකස් නගර ශාලාව අබියසට පැමිණ සිය ශෝකය පළ කළහ.

ජනතාව සිය වේදනාව, කනගාටුව, කෝපය ප්‍රකාශ කළේ, මියගිය පිරිසට පුෂ්පෝපහාර දක්වමිනි.

අනුකම්පා විරහිත සිත්පිත් නොමැති ත්‍රස්තවාදය ලෝකයේ ප්‍රබලතම රාජ්‍යයන්ට පවා එල්ල කරන්නේ බරපතළ අභියෝගයකි.

මොස්කව් නුවරට තදාසන්න ආසන්න 6,200කින් සමන්විත ක්‍රෝකස් නගර ශාලා රඟහලට පසුගිය සිකුරාදා සන්ධ්‍යාවේ විශාල පිරිසක් එක්රැස් වුණේ සෝවියට් යුගයේ රුසියානු රොක් සංගීත කණ්ඩායමක් වන 'පික්නික්'හි සංදර්ශනයක් රසවිඳීම සඳහාය.

ඔවුන් එහිදී තමන්ගේ ජනප්‍රියතම ගීතය 'අෆ්‍රේඩ් ඔෆ් නතින්' නැත්නම් 'බිය නැහැ කිසිවකට' සජීවීව ගයන්න සූදානම්ව සිටියේය.

එහෙත් ප්‍රවේශ පත්‍ර සියල්ල විකිණී අතුරු සිදුරු නැතිව පිරෙමින් පැවති රඟහලට පැමිණි රුසියානුවන්ට මුහුණදීමට සිදුවුණේ දරුණුතම අත්දැකීමකටය.

එම ශාලාව තුළට කඩාවැදුණු ත්‍රස්තවාදීන් සිව්දෙනෙකු ඉවක් බවක් නොමැතිව සිදුකළ වෙඩි තැබීමෙන් ප්‍රසංගය නැරඹීමට පැමිණි සමහර ප්‍රේක්ෂකයින්ට දිගට හරහර වෙඩි තැබීම හේතුවෙනි.

ඒ සමග ඇතිවූ කලබලකාරී වාතාවරණය හමුවේ ශාලාවෙන් නික්මීමට උත්සාහ කළ ජනතාව, තෙරපී මියයාමටද ලක්වී තිබුණි.

පසුව ශාලාවේ ආසන සහ තිරවලට ගිනිගන්නා සුළු ද්‍රාවණයක් හැළු ත්‍රස්තවාදීන් ඊට ගිනි තැබූ අතර ශාලාවේ ඇති වූ ගින්න නිවාදැමීමට ගිනි නිවන භටයින්ට පැය ගණනක් ගතවුණි.

ගින්නත් සමග තම ඇඳුම්වලට ගිනි ඇවිළුණු පිරිසක්ද බරපතළ තුවාල ලබා හෝ මියගොස් තිබේ.

ගින්න පැතිරීමත් සමග රඟහලේ පියස්සද කඩාවැටී තිබුණි.

රුසියානු බලධාරීන් පවසන පරිදි අවසානයේ ප්‍රසංගය නැරඹීමට පැමිණි 137 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර 182 දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙය දශක දෙකකින් රුසියාව මුහුණදුන් දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය වෙයි.

2004 වසරේ උතුරු ඔසෙටියා ප්‍රදේශයේ පිහිටි බෙස්ලාන් නගරයේ පාසලකට කඩාවැදුණු චෙච්නියා බෙදුම්වාදී ත්‍රස්තවාදී පිරිසක් ළමුන් 777 දෙනෙකු ඇතුළු 1100ක් පමණ ප්‍රාණ ඇපයට ගත් සිද්ධිය මීට පෙර රුසියාව මුහුණදුන් දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය විය.

සිද්ධිය නිමාවට පත්වුණේ ළමුන් 186 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු ජීවිතක්ෂයට පත්කරමිනි.

ප්‍රහාරයට පැමිණි 31 දෙනෙකුද එහිදී මියගියේය.

පසුගිය සිකුරාදා රාත්‍රියේ මොස්කව් නුවරට තදාසන්න ක්‍රෝකස් නගර ශාලා රඟහලට ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් එහි පැමිණ ඇත්තේ රාත්‍රී 7.40ට පමණය.

මිනි වෑන් රථයකින් පැමිණි ඔවුන් ස්වයංක්‍රීය ගිනි අවි රැගෙන රඟහලේ ප්‍රධාන දොරටුව වෙත ගොස් දකින සෑම අයෙකුටම වෙඩිතැබීමට පටන්ගෙන ඇත්තේ එහි ලේ විලක් ඇතිකරමිනි.

එහිදී ශාලාවේ වීදුරු දොර බිඳිමින් ඉවතට පළායාමට ඇතැමුන් කටයුතු කර තිබුණි.

එක් කාන්තාවක් ඇගේ කබායද නොමැතිව මොස්කව් උමං දුම්රිය ස්ථානය දක්වා දිවගොස් ඇත්තේ මොස්කව් නුවර අධික ශීතල නොතකමිනි.

ජනපති පුටින්ගේ නිල නිවහන වූ ක්‍රෙම්ලින් මන්දිරයට කිලෝමීටර් 20ක් පමණ ආසන්නයේ පිහිටි ක්‍රෝකස් ශාලාවේ සිටි ජනතාව මුලින් සිතා ඇත්තේ මේ ප්‍රහාරය සංදර්ශනයේ විශේෂ කොටසක් ලෙසට ය.

පසුව සැබෑ තත්ත්වය වටහා ගත් ඔවුන් හැකි සෑම අයුරකින්ම පළා යාමට උත්සාහ කර තිබුණි.

ශාලාවෙන් නික්මෙන පියගැට පෙළවල තිබී මළසිරුරු 14ක්ද වැසිකිළියක තිබී සිරුරු 28ක්ද හමුවී තිබෙන්නේ එලෙස පළායාමට ඇතැමුන් දැරූ උත්සාහය අසාර්ථක වීම හේතුවෙනි.

පවුල් පිටින් එක පොදියට මියගොස් ඇති අවස්ථාද දක්නට ලැබී ඇත්තේ ඇතැම් මව්වරුන් සිය දරුවන් තුරුළු කරගෙන මියගොස් සිටි අතර එය හද කම්පා කරවන දසුනක් වූ බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය.

මෙම ත්‍රස්ත ප්‍රහාරයේ මියගිය හා අනතුරට ලක්වූ පිරිස් වෙනුවෙන් ඊයේ ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කළ ජනපති ව්ලැදිමීර් පුටින් සිද්ධියට සම්බන්ධ වූවන්ට නිසි ප්‍රතිචාර දක්වන බවට ප්‍රතිඥාවක්ද ලබාදුන්නේය.

ප්‍රහාරය සම්බන්ධයෙන් IS සංවිධානය වගකීම භාරගත් අතර ප්‍රහාරකයන් පිළිබඳ තොරතුරුද ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍යට නිකුත් කළේය.

කෙසේ නමුත් ප්‍රහාරකයන් හතරදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු ජනපති පුටින් ප්‍රකාශ කළේ ඔවුන් යුක්‍රේනය දෙසට පළායමින් සිටි බවයි.

සෝවියට් දේශයෙන් වෙන්වූ තජිකිස්තානයේ වැසියන් වූ සැකකරුවන් ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් ලෙස හැඳින්වූ ජනපති පුටින් ත්‍රස්තවාදය නැමැති පොදු සතුරා පරාජය කිරීමට ඕනෑම රටක් සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව කියා සිටියේය.

එමෙන්ම මෙම ත්‍රස්තවාදීන් පිටුපස සිටින පුද්ගලයන් සහ සංවිධාන හඳුනාගෙන ඔවුන්ට අනිවාර්යෙන්ම දඬුවම් පමුණුවන බව ජනපති පුටින් සඳහන් කළේය.

ක්‍රෝකස් නගර ශාලා ප්‍රහාරය සිදුවීමට සති කිහිපයකට පෙර මේ මස මුලදී මොස්කව් නුවර ප්‍රබල ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකි බවට අමෙරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලය අනතුරු අඟවා තිබීමද විශේෂ කරුණකි.

එහිදී අමෙරිකානු පුරවැසියන්ට මොස්කව් නගරයෙන් නික්මෙන ලෙසද දන්වා තිබුණි.

කෙසේනමුත් ප්‍රහාරයෙන් පසු ක්‍රෙම්ලින් මන්දිර ප්‍රකාශිකාව කියා සිටියේ අමෙරිකා එක්සත් ජනපදය ඒ පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු රුසියාවට ලබා නොදුන් බවයි.

ප්‍රහාරය අයි එස් සංවිධානය විසින් එල්ල කළ බව තහවුරු කළ හැකියැයි අමෙරිකාව ප්‍රකාශ කළේ ඊට යුක්‍රේනයේ සම්බන්ධයක් නොමැති බව පවසමිනි.

දැනට රුසියාවේ මරණ දඬුවම ක්‍රියාත්මක නොවූවත් සැකකරුවන්ට දඬුවම් පැමිණවීම සඳහා මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම පිළිබඳවද රුසියාව දැන් සලකා බලමින් සිටින බව වාර්තා වෙයි.

ප්‍රහාරය නිසා ප්‍රකාශයට පත්කෙරුණු ජාතික ශෝක දිනය නිමිත්තෙන් රුසියාව පුරා ජාතික ධජ අඩ-කුඹුකර තිබූ අතර මොස්කව් නුවර ප්‍රදර්ශනය කර තිබූ දැවැන්ත පුවරුවල එක් ඉටිපන්දමක රුවක් සමග සටහන් කර තිබුණේ 'අපි වැළපෙමු' යන්න ය.

ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් ක්‍රෙම්ලින් මන්දිරය ආසන්නයේ දේවස්ථානයේදී ජනපති පුටින් ශෝකානුකූලව ඉටිපන්දමක් දල්වන අයුරු රුසියානු මාධ්‍ය විකාශය කරනු ලැබීය.

හඬ පටය
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

 රටම ආදරේ කරන අග්බෝ එකපාරට කැලෙන් මතුවූ හැටි...

රටම ආදරේ කරන අග්බෝ එකපාරට කැලෙන් මතුවූ හැටි...

''ආවරණයක් දෙන්නේ නෑනේ.. පොල්අතු වහලක් ගහලා 4දෙනෙක් අල්ලන් ඉන්න'' | Ada Derana

''ආවරණයක් දෙන්නේ නෑනේ.. පොල්අතු වහලක් ගහලා 4දෙනෙක් අල්ලන් ඉන්න'' | Ada Derana

මාතර, තලල්ල වෙරළෙන් මතුවූ අබිරහස් ගමන් මලු - දෙහිබාලේ මල්ලි එවූ අයිස් බවට සැකයක් | Ada Derana

මාතර, තලල්ල වෙරළෙන් මතුවූ අබිරහස් ගමන් මලු - දෙහිබාලේ මල්ලි එවූ අයිස් බවට සැකයක් | Ada Derana

උඩදුම්බර නගරයට ආ මහා සඟරුවන - ඥානසාර හිමිට නිදහස ඉල්ලයි - බුදුදහම රැකගන්න පාගමනක | Ada Derana

උඩදුම්බර නගරයට ආ මහා සඟරුවන - ඥානසාර හිමිට නිදහස ඉල්ලයි - බුදුදහම රැකගන්න පාගමනක | Ada Derana

කුඩු අංජුගේ ගෝලයෙක් අයිස් එක්ක මාට්ටු - මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරනවාට වරකට රු. 20,000 ගානේ දීලා

කුඩු අංජුගේ ගෝලයෙක් අයිස් එක්ක මාට්ටු - මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරනවාට වරකට රු. 20,000 ගානේ දීලා

''අදහස් පළ කරන්න..ෆේස්බුක් පෝස්ට් එකක් දාන්න තියෙන නිදහස අහෝසිවෙලා'' | Ada Derana

''අදහස් පළ කරන්න..ෆේස්බුක් පෝස්ට් එකක් දාන්න තියෙන නිදහස අහෝසිවෙලා'' | Ada Derana

''සිවුරට අත තියන්න කිසිම ගිහියෙකුට බෑ'' - ''ලොකු වරදක් කළේ'' | Ada Derana

''සිවුරට අත තියන්න කිසිම ගිහියෙකුට බෑ'' - ''ලොකු වරදක් කළේ'' | Ada Derana

ජර්මන් දන්නා මහාචාර්යවරයෙකු හදිසියේම සත්‍යග්‍රහ භූමියට | Ada Derana

ජර්මන් දන්නා මහාචාර්යවරයෙකු හදිසියේම සත්‍යග්‍රහ භූමියට | Ada Derana

ඇප ප්‍රතික්ෂේප වූ නාමල් හා ජානකී - අධිකරණයේදී තවත් කරුණු එළියට | Ada Derana

ඇප ප්‍රතික්ෂේප වූ නාමල් හා ජානකී - අධිකරණයේදී තවත් කරුණු එළියට | Ada Derana

රාජ්‍ය ඇමති කාලයේ කරපු වැඩවලට චාමරට වැටුණු නඩු - අද ලැබුණු නියෝගය | Ada Derana

රාජ්‍ය ඇමති කාලයේ කරපු වැඩවලට චාමරට වැටුණු නඩු - අද ලැබුණු නියෝගය | Ada Derana

 විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 8යි | උදෑසන නවතම තත්ත්වය...

විහාර මහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 8යි | උදෑසන නවතම තත්ත්වය...

විහාර මහාදේවී භූමිය වටකළ පිරිසට ඇසෙන්න කස්සප හිමි සැරට කියයි..

විහාර මහාදේවී භූමිය වටකළ පිරිසට ඇසෙන්න කස්සප හිමි සැරට කියයි..

අධිකරණ නියෝගයත් සමඟ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල නොසන්සුන් තත්ත්වයක්

අධිකරණ නියෝගයත් සමඟ කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල නොසන්සුන් තත්ත්වයක්

 ලංකාවට ආපු තායිලන්ත නි.අගමැතිව නොසලකා හැරීම ගැන දිලිත් ආණ්ඩුවට සැරට කියාදෙයි

ලංකාවට ආපු තායිලන්ත නි.අගමැතිව නොසලකා හැරීම ගැන දිලිත් ආණ්ඩුවට සැරට කියාදෙයි

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්