header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ආරක්ෂක හමුදා යටතේ තිබූ උතුරේ ඉඩම් ගැන ජනපතිගෙන් තීන්දුවක්
Mar 22, 202402:20 PM
ආරක්ෂක හමුදා යටතේ තිබූ උතුරේ ඉඩම් ගැන ජනපතිගෙන් තීන්දුවක්
Mobitel 1278

"උරුමය" සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන ජූනි මාසය වන විට අවසන් කිරීමට තමා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කුමන ජන කොටසකට අයත් වූවද සෑම පුරවැසියෙකුගේම සිහිනය ඉඩමක නීත්‍යානුකූල හිමිකම ලබා ගැනීම බව පෙන්වා දුන් ජනාධිතිවරයා එම අයිතිය සියලුදෙනාට හිමි විය යුතු බව තමාගේ ද විශ්වාසය බව අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (22) පෙරවරුවේ යාපනය ඔට්ටගපුලම් ප්‍රදේශයේදී පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට එක් වෙමිනි.

මිලියන 02ක ජනතාවකට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම සඳහා ක්‍රියාත්මක උරුමය වැඩසටහන යටතේ යාපනය ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු 408ක් ලබාදීම මෙහිදී සිදු වූ අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව ඔප්පු ප්‍රදානයට එක්විය.

මේ අතර යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පරිහරණය කරන ලද ඉඩම් නිදහස් කිරීම ද මෙයට සමගාමීව අද පලාලි ගුවන් හමුදා කඳවුරේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

යාපනය ආඥාපති මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා විසින් ඉඩම් නිදහස් කිරීමේ නිල ලිපි ලේඛන මෙහිදී ජනාධිපතිවරයාට භාර දුන් අතර, අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම ලිපි ලේඛන යාපනය දිසාපති මරදලිංගම් ප්‍රදීපන් මහතා වෙත භාර දුන්නේය.

ඒ අනුව වලිකාමම් උතුර ප්‍රාදේශීය කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් පහකට අයත් අක්කර 234ක් මෙලෙස සාමාන්‍ය ජනතාවට ලබාදීම සිදුකෙරුණු අතර මෙම ඉඩම් රජයේ කෘෂි නවීකරණ වැඩසටහනට සමගාමීව කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට නියමිතය.

ඒ වෙනුවෙන් බීජ ලබාදීම ද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

අනතුරුව ඉඩම්ලාභීන් සමඟ සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා මෙම අවස්ථාව සනිටුහන් කරමින් නිදහස් කරන ලද භූමියේ පැළයක් රෝපණය කිරීම ද සිදු කළේය.

උරුමය සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

"රජ කාලයේ ඉඩම් අයිතිය හිමිව තිබුණේ ජනතාවටයි. බ්‍රිතාන්‍ය යුගයේ මුඩු බිම් පනත යටතේ එම ඉඩම් රජයට පවරාගනු ලැබුවා. ඒ අනුව රටේ ඉඩම්වලින් 80% අයිතියි හිමිවුයේ රජයටයි. ආණ්ඩුව බලපත්‍ර මඟින් මෙම ඉඩම් හිමිකම් ජනතාවට පවරා දුන්නද නීත්‍යානුකූල අයිතිය හිමි වූයේ නැහැ. ජනතාවගෙන් ලබාගත් ඉඩම්වල අයිතිය නැවත ජනතාවට හිමිවිය යුතු බව මගේ විශ්වාසයයි. ඒ නිසා ඉඩම් බලපත්‍ර ඇති සියලුදෙනාටම සින්නකර ඉඩම් අයිතිය ලබාදීමට අප තීරණය කළා.

කුමන ජාතියකට අයත් වුවද සියලුදෙනාගේ බලාපොරොත්තුව ඉඩමක අයිතිය ලබා ගැනීමයි. එම ඉඩම් අයිතිය සියලුදෙනාට හිමිවිය යුතුයි. ඒ වෙනුවෙන් අපි උරුමය වැඩසටහන පසුගියදා දඹුල්ලෙන් ආරම්භ කළා. අද යාපනය දිස්ත්‍රික්කයේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. අද පිරිසකට පමණක් මෙම ප්‍රතිලාභය හිමි වුවද මෙම ජූනි මාසය පමණ වන විට මෙම වැඩසටහන අවසන් කිරීමට මම උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ වගේම අප කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. සෑම දිස්ත්‍රික්කයකම එක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් මේ සඳහා තෝරාගෙන තිබෙනවා. යාපනයේ කෝපායිවල එය සිදු කෙරෙනවා. මේ සමඟ නවීන කෘෂිකර්මාන්තයක් මේ පළාතට ලැබෙනවා. ඒ සමඟම ආදායම් ඉහළ යාම සිදුවෙනවා. යුද්ධයෙන් පසු විශාල ඉඩම් ප්‍රමාණයක් හමුදාව යටතට ගැනීමට සිදු වුණා. මේ වන විට ආණ්ඩුව, රජයේ සහ පුද්ගලික ඉඩම් අක්කර 63,000ක් පමණ නිදහස් කර තිබෙනවා. ඒ වගේම නාවික හමුදාව යටතේ තිබු රජයේ සහ පුද්ගලික ඉඩම් අක්කර 2600ක් පමණ නිදහස් කර තිබෙනවා. තවද, ගුවන් හමුදාව යටතේ තිබූ රජයේ සහ පුද්ගලික ඉඩම් අක්කර 2600ක් පමණ නිදහස් කර තිබෙනවා. ඒ වගේම දින කිහිපයකට පෙර ඉඩම් අක්කර 101ක් නැවත ජනතාවට ලබා දුන්නා. අද අක්කර 234ක් ලබා දෙනවා.

ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගම්මාන ගණනාවකට අයත් ඉඩම් වන සංරක්ෂණ ප්‍රදේශ ලෙස නම් කර තිබුණා. එහිදී 1985 සිතියම අනුව කටයුතු කරන ලෙස මම උපදෙස් ලබා දී තිබෙනවා.

මීට පෙර මෙම ස්ථානයේ ඉඩම් හිමිකරුවන් සහ ආරක්ෂක හමුදාව ඒකාබද්ධව Palali Smart Agriculture වැඩසටහන ආරම්භ කළා. මෙම ඉඩම් සියල්ල එම අයිතිකරුවන් විසින් නැවත නවීන කෘෂි වැඩසටහනට යෙදවිය යුතු බවට අප උපදෙස් දී තිබෙනවා. මෙය ඔවුන්ට තනිව කළ නොහැකි නිසා ත්‍රිවිධ හමුදාව එකතු වී ඔවුන්ට අවශ්‍ය ආධාර උපකාර ලබා දිමට කටයුතු කරනවා. ඒ වගේම අළෙවිය සඳහා ඉහළ පෙළේ සමාගම්වල දායකත්වය ලබා දෙනවා. ඒ වගේම බිල් ඇන්ඩ් මිලින්ඩා ගේට්ස් පදනමේ සහයත් මීට හිමි වෙනවා.

මෙම ඉඩම් ලබාදීම පිළිබඳ පනවනු ලැබුවේ එකම කොන්දේසියයි. ඒ යාපනයේ හොඳම ගොවිපොළ මෙම ස්ථානයේ පවත්වාගෙන යා යුතු බවයි. එසේම එය මුළු ලංකාවටම ආදර්ශවත් ගොවිපළක් විය යුතුයි.

ඒ වගේම අපි උතුරේ අනෙකුත් ප්‍රදේශවල වගේම යාපනයේ නව වැඩසටහනක් ආරම්භ කරනවා. යුද්ධයෙන් පසු ඇති වූ ගැටලු අප දැන් විසඳමින් සිටිනවා. ඒ වගේම අපි සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම (TRC) ආරම්භ කළා. අප එයට පමණක් සීමා වී නැහැ. ජනතාව පීඩාවට පත්වන ගැටලුවලට අප විසඳුම් ලබා දිය යුතුයි. ඒ වගේම ඔවුන්ගේ ආදායම් මාර්ග ඉහළ නංවා දිය යුතුයි. ඒ නිසා මෙම පළාතේ අලුත් ආර්ථිකයක් අප නිර්මාණය කරනවා.

වව්නියාවේ සිට යාපනය දක්වා කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට වගේම මෙම පළාතේ ඇති විශාල සූර්ය බලශක්තිය මෙන්ම සුළං බලශක්තිය ප්‍රයෝජනයට ගැනීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ඉන්දියාව සමග සහයෝගයෙන් කටයුතු කිරීම අපේ අපේක්ෂාවයි. ඒ වගේම සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය කරනවා. එසේම ආයෝජන කලාප සඳහා ඉඩම් වෙන් කර තිබෙනවා. එළැඹෙන වසර 05,10 තුළ මෙම කටයුතු ක්‍රියාත්මක කර උතුරට ශක්තිමත් ආර්ථිකයක් ලබාදීමට අප කටයුතු කරනවා. අප සියලුදෙනා එක්ව උතුර ලංකාවේ ප්‍රධාන ආර්ථිකයක් බවට පත් කර ගනිමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා."

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ සෙසු ආගමික නායකයන්, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුරෙන් රාඝවන්, කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අංගජන් රාමනාදන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස්, හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ආඥාපති උතුර නාවික පෙදෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ, පලාලි ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරි ගෘප් කපිතාන් චමින්ද හේරත් යන මහත්ම මහත්මීන්, උතුරු පලාත් දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරින්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මේ අතර, පේදුරුතුඩුව මුලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කර තිබේ.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..