
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ නිල නාමයරාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්යංශයයනුවෙන් වෙනස් කර ඇති බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පවසයි.
විශේෂ ගැසට් නිවේදනයක් මඟින් මෙම වෙනස් කිරීම සිදු කර ඇති බව ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කළේය.
මීට පෙර නාගරික සංවර්ධන අධිකාරිය ද ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගනු ලැබිණි.
විශේෂයෙන්ම නාගරික සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කිරීමේ අරමුණ ඇති ව මෙම පියවර ගෙන ඇති බව රජය පෙන්වා දෙයි.















































