header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මහින්ද කොඩිතුවක්කු ගැන මහෙස්ත්‍රාත්වරයාගේ තීන්දුව
Jan 24, 202407:14 PM
මහින්ද කොඩිතුවක්කු ගැන මහෙස්ත්‍රාත්වරයාගේ තීන්දුව
Mobitel 1278

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ මහින්ද කොඩිතුවක්කු නැමැත්තාට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව අධිකරණ මනෝ වෛද්‍යවරයා අද (24) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අධිකරණය, ඔහු ව මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමු කරන ලෙස නියම කළේ ය.

අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව නාමයෙන් පෙනී සිටිමින් දිවයිනට පැමිණි මහින්ද කොඩිතුවක්කු නැමැත්තෙකු අනුගාමිකයන්ගේ වැඳුම් පිදුම්වලට ලක් වන ආකාරයේ වීඩියෝ දර්ශන පසුගිය සමයේ සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර, ඔහුගේ දේශන තුළින් බුදු දහමට අපහාස සිදු වන බවට ද චෝදනා එල්ල විය.

පසු ව පරිගණක අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනුණු සැකකරු, ජනවාරි 16 වැනි දා අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේ, සැකකරුගේ මානසික සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව සැකකරු ඊයේ අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත රැගෙන ගිය අතර, එහි දී පැය 03කට ආසන්න කාලයක් වෛද්‍යවරුන් ඔහුගේ මානසික තත්ත්වය පරීක්ෂා කර තිබිණි.

සැකකරු සම්බන්ධයෙන් වූ නීති කෘත්‍යය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා විමර්ශනවල ප්‍රගතිය වාර්තා කළේ ය.

" ස්වාමීනී... මෙම සැකකරු පවත්වාගෙන යන '180 දේශනා' නමැති වෙබ් අඩවිය තුළින් දේශන 1,200ක් පමණ සමාජගත කර තිබෙනවා. '180 කෙටි දේශනා' වෙබ් අඩවිය තුළින් දේශන 479ක් පමණ සමාජගත කර තිබෙනවා. ඒ තුළින් සතියකට ඇමරිකානු ඩොලර් 350ක පමණ මුදලක් ඔහු උපයාගෙන තිබෙන බව අනාවරණය වුණා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රියදුරකු වශයෙන් සේවය කරන මදුවන්ත ජයවර්ධන නමැති පුද්ගලයා තමයි රුපියල් 25,000ක මුදලක් ගෙවා මෙම සැකකරුට ගුවන් තොටුපොළේ සිට කැලණියට පැමිණීම සඳහා 'ලිමොසින්' වර්ගයේ වාහනයක් කුලියට ගෙන දී තිබෙන්නේ. එසේම මෙම සැකකරුගේ ආරක්ෂාව සඳහා හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික ආරක්ෂක සමාගමකට රුපියල් 85,000ක මුදලක් ගෙවා පෞද්ගලික ප්‍රභූ ආරක්ෂකයින් 10 දෙනෙකු ලබාගෙන තිබෙනවා. මේ සියල්ල තුළින් මෙම සැකකරු ශ්‍රී ලංකාවට පැමිණ රංගනයක නිරත වූ බව තහවුරු වෙනවා" යනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කරුණු දැක්වීය.

අනතුරුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මහේස්ත්‍රාත්වරයාගෙන් විමසා සිටියේ, මෙම සැකකරුට අදාළ මානසික වෛද්‍ය වාර්තාව අධිකරණයට ලැබී තිබේ ද යන්නයි.

එම විමසීමට මහේස්ත්‍රාත්වරයා මෙලෙස පිළිතුරු ලබා දී ඇත,

"මෙම සැකකරු සම්බන්ධයෙන් අංගොඩ මානසික වෛද්‍ය විද්‍යා ආයතනය මගින් කෙටි වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම වාර්තාව තුළින් මෙම සැකකරු සම්බන්ධ පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා මෙම නඩුකරයේ මුල් බී වාර්තාව අවශ්‍ය බව වෛද්‍යවරු දන්වා තිබෙනවා. කෙසේ වෙතත් මෙම සැකකරුට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව නිර්දේශ කරන බවත් බන්ධනාගාර අධිකරණ මනෝ වෛද්‍ය විශේෂඥවරයා සදහන් කර තිබෙනවා."

එහි දී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ, සැකකරු ඇප මත මුදාහැරීමෙන් පසුවද ඔහුට මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට හැකි බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ මුදාහරින ලෙසයි.

කෙසේ වෙතත් සැකකරුට ඇප ලබාදීම කෙරෙහි විරෝධය පළ කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා පැවසුවේ, මෙම අවස්ථාවේ සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවොත් ඔහුගේ ඉදිරි ක්‍රියාකාරකම් හේතුවෙන් මහජන කැලඹීම් ඇති විය හැකි බවයි.

අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කළා.

" සැකකරුට මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව අංගොඩ මානසික වෛද්‍ය විද්‍යායතනය මගින් නිර්දේශ කර තිබෙනවා. මෙම තත්ත්වය යටතේ සැකකරු මෙම අවස්ථාවේ දී ඇප මත මුදා හරිනු ලැබූවොත් ඔහු යළි සමාජයට ගොස් ආන්දෝලනාත්මක දේශන ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙනවා. ඒ තුළින් භික්ෂූන් වහන්සේ ඇතුළු සමාජය තුළ යළි කැලඹීම් තත්ත්වයක් ඇති වීමටත් අවකාශය තිබෙනවා. එබැවින් නිසි ප්‍රතිකාර ලබා දීමකින් තොරව මෙම සැකකරු සමාජගත කිරීම අනතුරුදායක බව අධිකරණයේ මතයයි. ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කොට බන්ධනාගාරය මාර්ගයෙන් මානසික වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස මා නියෝග කරනවා."

ඒ අනුව සැකකරු පෙබරවාරි 07 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළේ ය.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..