ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණියක් ඉහළට

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණියක් ඉහළට

September 28, 2023   07:05 pm

ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය-මුදල් නිකුතු ශ්‍රේණිය RD (Restricted Default) හෙවත් සීමිත පැහැරහැරීමේ මට්ටමේ සිට 'CCC-' වෙත උසස් කිරීමට  ෆිච් රේටින්ග්ස් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය පියවර ගෙන තිබේ.

මෙම උසස් කිරීම හරහා මහ බැංකුව, 2023 ජූලි මාසයේදී දියත් කරන ලද, ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රශස්ත කිරීමේ (DDO) සැලැස්මේ දේශීය මුදල් කොටස සම්පූර්ණ කිරීම පිළිබිඹු කරනු ඇති බව ෆිච් රේටින්ග්ස් ආයතනය වැඩිදුරටත් සඳහන් කර ඇත.