header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුගේ තීරණය මෙන්න
Sep 18, 202309:41 PM
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුගේ තීරණය මෙන්න
Mobitel 1278

ඉදිරි ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සිය සංයුතිය හා ක්‍රීඩක වගකීම පිළිබඳව දැඩිව අවධානය යොමුකළ යුතුව ඇතැයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙයි.

මේ අතර ආසියානු ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රි ලංකා ක්‍රිකට් පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පවසන්නේ පවතින අඩුපාඩු සහ වැරදි මඟහරවාගනිමින් ඉදිරි ලෝක කුසලානය සඳහා සූදානම් විය යුතු බවය.

"මුලින්ම කියන්න ඕනේ අපි අවසන් තරගයට සුදුසුකම් ලබන්න හොඳින් ක්‍රීඩා කළා. අවසන් තරගයට සුදුසුකම් ලැබීමත් ජයග්‍රහණයක්. එහෙත් අවසන් තරගය පරාජය වූ ආකාරය බලාපොරොත්තු කඩකරවන සුළුයි. ක්‍රීඩකයින් මෙන්ම පුහුණුකරුවන්ටත් එය පොදුයි. මම හිතන්නේ අපි මෙතැන් සිට ගොඩනැගිය යුතුයි. ක්‍රීඩකයන් තුළ විශ්වාසය නැවත ඇතිකළ යුතුයි. දැන් ඔවුන්ට විරාමයක් ලබාදී ඔවුන් නිවෙස්වලට ගොස් නැවත නව ජීවයක් ලබා නැවත එක් වූ විට අප නතර තැන සිට කණ්ඩායම යළි ගොඩනැගීමටි කළ යුත්තේ. එක් අතකින් ලෝක කුසලානය වැනි දැවැන්ත තරගාවලියකට යාමට තරම් මෙය යම් ආකාරයක දිරිගැන්වීමක් වේවි. ඉන්දියාව ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, වගේ ප්‍රබල කණ්ඩායම් සමග තරග වදින විට ස්ථාවරව දක්ෂතා දැක්වීම වැදගත් වන බව මෙයින් පැහැදිලි වුණා. මේ නිසා එය අපිට ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයන් දීරිමත් කිරීමට වො දා ගත හැකි වේවි."

ඊයේ පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී සුවහසක් ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ඉන්දියා කණ්ඩායම හමුවේ අවමන් සහගත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණි.

කණ්ඩායම් දෙකම පන්දුවාර 100ක් ක්‍රීඩා කරනු දැක ගැනීම සඳහා ඉතා ඉහළ මිලක් ගෙවමින් ප්‍රවේශපත් ලබාගෙන පැමිණ සිටි ප්‍රේක්ෂකයින්ට සමස්ත තරගයේදීම නැරඹීමට හැකිවූයේ පන්දුවාර 21යි පන්දු 3ක් පමණි.

ඉනිම ලකුණු 50කට සීමා කරගනිමින් ශ්‍රී ලංකා පිල දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසය සම්බන්ධයෙන් නායක දසුන් ශානක ඊයේ තරගයෙන් පසුව ප්‍රේක්ෂකයින්ගෙන් සමාව අයැද සිටියේය.

"විශාල වශයෙන් මෙහි පැමිණි ප්‍රේක්ෂකයින්ට ස්තූති කරන්න මං කැමතියි. ඔබේ අපේක්ෂා සුන් කිරීම ගැන මම ගොඩක් සමාව ඉල්ලනවා. ඒත් ලැබෙන විශාල සහායට මම ස්තූතිවන්ත වෙනවා. ක්‍රීඩකයෝ ලෙස අපි ඔබ සියලුදෙනාට ආදරෙයි. ස්තූතියි."

තරගයේ කාසියේ වාසිය දිනා පන්දුවට පහරදීමට ගත් තීරණය සහ පිතිකරුවන්ගේ ක්‍රීඩා විලාසය පිළිබඳ දැඩි විවේචන එල්ලවන පසුබිමක ඊයේ තරගයේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළ රොෂාන් අබේසිංහ ඊයේ තණතීරුව සහ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අතපසුවීම් පිළිබඳ මෙලෙස අදහස් පළකළා.

"අපි කාසීයේ වාසිය එක දින්නා. ඒ පිච් එකේ අපි බැට් කරන්න ඕනේ. බැට් කරන්න ඕනේ කියලා මම කියන්නේ ඒ තණතීරුව බොහොම වියළි. හැබැයි ඉතින් අපිට පොඩි පාඩුවක් වුණා. කාසිසේ වාසියෙන් පස්සේ වැස්සා. වැස්සට පස්සේ ක්‍රීඩා පිටිය ආවරණය කරානේ. ආවරණය කරාම අපි කියනවා පොඩ්ඩක් විතර තෙතමනයක් එනවා. හැබැයි පළවෙනි පන්දුවාර 10න් පස්සේ දෝලනය අඩු වුණා. අපිට ගහන්න තිබුණේ අඩුම ගාණේ පළවෙනි පන්දුවාර 10ය ටෙස්ට් තරගයක් වගේ. ඊයේ පළවෙනි පන්දුවාර 10ය බෝලේ අතහරිමින් කඩුල්ලේ ඉන්න උත්සාහ කරන්න ඕනේ. බේරෙන්න ඕනේ. ඊයේ ඒ අය අධි පීඩනයකට අහුවුණා."

මෙවර ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ පෞද්ගලික දක්ෂතා පිළිබඳ දැඩි විවේචන එල්ල වුවත්, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක මෙන්ම යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ලකුණු අතරට එමින් සහ පන්දුවෙන් දැක්වූ දස්කම් විචාරක පැසසුමට ලක්වුණි.

ශ්‍රී ලංකා පිල ප්‍රධාන ක්‍රීඩකයන් පස්දෙනකු නොමැතිව ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කළද එම ක්‍රීඩකයන් සියලු දෙනා මීළඟට ඉන්දියාවේ පැවැත්වෙන එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායම සමඟ එක් වනු ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවැනි දිනය අදයි | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

රාවණා ඇල්ලේ නැරඹුම් වේදිකාව අබලන් - ''ඇල්ලේ ලස්සන බලන්න විදියක් නෑ'' | Ada Derana

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පොළොන්නරුව වකුගඩු රෝහල් ගොඩනැගිල්ලට දැඩි හානි... තුවාල ලැබූ 7ක් රෝහලේ

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන් වෙන් සිරකුටිවල

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

පොත්වලට ගහන වැට් බද්දේ වෙනසක්... අයවැය තීන්දුවක් අගමැතිනිය හෙළි කරයි

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්

IMF සමග එකඟතාවකට සාකච්ඡා

IMF සමග එකඟතාවකට සාකච්ඡා

 දියඇලි වැස්සට හැඩ වෙයි

දියඇලි වැස්සට හැඩ වෙයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ