
වසර 69කට පසු ටෙස්ට් රග්බි තරගයකදී ඔස්ට්‍රේලියාව පරාජය කිරීමට ෆීජි කණ්ඩායම සමත් විය.
ඒ මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ මූලික වටයේ සී කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව සමග ඊයේ (17) පැවති තරගය ජය ගනිමිනි.
තරගයේ පළමු අර්ධය ලකුණු 12ට 8ක් ලෙස පෙරමුණ ගත්තේ ෆීජි කණ්ඩායමයි.
ෆීජි කණ්ඩායම දෙවන අර්ධයේදී තවත් ලකුණු 10ක් රැස් කරගනිද් දී ඔස්ට්‍රේලියාවට දෙවන අර්ධයේදී රැස් කරගත හැකිවූයේ ලකුණු 7ක් පමණයි.
ඒ අනුව ලකුණු 22ට 15ක් ලෙස ඓතිහාසික ජයක් ලැබීමට ෆීජි කණ්ඩායම සමත් විය.
ෆීජි කණ්ඩායම ටෙස්ට් රග්බි තරගයකදී ඔස්ට්‍රේලියා කණ්ඩායම පරාජයට පත්කළේ 1954 වසරට පසුව වීම විශේෂත්වයකි.


















































