ඇදහිය නොහැකි මිලකට අද අලෙවි වූ රත්නපුරේ මැණික

ඇදහිය නොහැකි මිලකට අද අලෙවි වූ රත්නපුරේ මැණික

August 16, 2023   08:33 pm

ඉතා අධික මුදලකට අලෙවි වූ මැණිකක් පිළිබඳව රත්නපුර ප්‍රදේශයෙන් අද (16) වාර්තාවිය.

මෙලෙස අලෙවි වී ඇත්තේ බ්ලූ ෆෙයා වර්ගයට අයත් මැණිකකි.

වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ එම මැණික රුපියල් කෝටි 43කට අලෙවි වී ඇති බවටය.

මෙම මැණික කහවත්ත කට්ටංගේ ප්‍රදේශයේ මැණික් පතලකින් හමුවී තිබේ.

මෙලෙස හමුවී ඇති මැණික කැරට් අනූනවයකින් යුක්ත වන බවද වාර්තා වෙයි.

මැණික රුපියල් කෝටි 43කට මිලදීගෙන ඇත්තේ පැල්මඩුල්ල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකි.