අවසන් තරගය දිමුත්ට අහිමි වෙයි

අවසන් තරගය දිමුත්ට අහිමි වෙයි

July 9, 2023   09:21 am

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගැනීමේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (09) පැවැත්වීමට නියමිතය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම හරාරේ ක්‍රීඩාංගණයේ දී මුණ ගැසීමට නියමිත අතර, තරගය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.

මේ අතර, ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න අද තරගය සඳහා සහභාගී නොවනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය.

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් සහභාගී වූ  සියලු තරග ජයගෙන සිටීම විශේෂත්වයකි.