header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අමරකීර්ති ඝාතනයේ නඩු විභාගය ඇරඹෙයි
Jun 19, 202309:11 PM
අමරකීර්ති ඝාතනයේ නඩු විභාගය ඇරඹෙයි
Mobitel 1278

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතාට සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයාට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව විත්තිකරුවන් 41දෙනකුට එරෙහිව මිනිමැරුම් චෝදනා 02ක්ද ඇතුළුව අධිචෝදනා විභාගකිරීම ගම්පහ මහාධිකරණයේදී අද (19) ආරම්භ කෙරුණි.

ඒ, අධිචෝදනා විභාගකිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් පත්කෙරුණු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අමරකීර්ති අතුකෝරාළ මහතා ඝාතනයට ලක් වූයේ ඉකුත් වසරේ මැයි 09 වනදාය.

ගාලුමුවදොර අරගල භූමිය අසල එදින පස්වරුවේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය රටතුළ ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය කළ අතර මන්ත්‍රීවරයා අරලියගහ මන්දීරයේ සිට පොළොන්නරුවේ සිය නිවස බලා යමින් සිටියදී නිට්ටඹුව නගර මධ්‍යයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වී තිබුණි.

මන්ත්‍රීවරයාගේ පෞද්ගලික ආරක්ෂක පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන මහතාද එම අවස්ථාවේ ඝාතනයට ලක්වුණි.

එම ම්ලෙච්ඡ ඝාතන සම්බන්ධ මූලික විමර්ශනවලින් අනතුරුව නීතිපතිවරයා විත්තිකරුවන් 41දෙනෙකුට එරෙහිව ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.

අදාළ අධිචෝදනා විභාගකිරීම අද ආරම්භ කෙරුණේ අගවිනිසුරුවරයා විසින් පත්කරන ලද සහන් යාපා බණ්ඩාර, රශ්මි සින්ගප්පුලි සහ රුවන් පතිරණ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා මරණීය දණ්ඩනය දඬුවම ලෙස නියම කළ හැකි මිනිමැරීමේ චෝදනා 02ක්ද ඇතුළුව මුළු අධිචෝදනා 14ක් යටතේ විත්තිකරුවන් 41දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇති බව සඳහන් කළේය.

"ස්වාමීනි, විත්තිකරුවන් ලෙස නම්කර ඇති 41දෙනා අතරින් අද දින අධිකරණය හමුවේ පෙනී සිටින්නේ විත්තිකරුවන් 37දෙනෙකු පමණයි. මන්ද විත්තිකරුවන් දෙදෙනෙකු මියගිහින් තිබෙනවා. ඒ වගේම තවත් විත්තිකරුවෙක් රටින් පිටවී ඩුබායි රාජ්‍යයට ගොස් ඇති බවට තොරතුරු ලැබෙන අතර අනෙක් විත්තිකරුවා විමර්ශකයින්ට සොයාගත නොහැකි ලෙස ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා. එබැවින් ස්වාමිනි අපරාධ නඩු විධාන සංග්‍රහයේ 241ක් වගන්තියේ ඇති විධිවිධාන ප්‍රකාරව මෙම විත්තිකරුවන් නොමැතිව මෙම නීති කෘත්‍යය පවත්වාගෙන යාමට මම අවසර ඉල්ලා සිටිනවා. මෙම නීති කෘත්‍යයට අදාළව සාක්ෂිකරුවන් 163දෙනෙකු අප ඉදිරිපත් කර තිබෙනවා."

අනතුරුව අධිකරණය හමුවේ පෙනීසිටි විත්තිකරුවන් 37දෙනාට අධිචෝදනා පත්‍ර බෙදාදීම සිදුකෙරුණි.

මෙම අවස්ථාවේ විත්තිකාර පාර්ශ්වයේ නීතිඥවරුන් විත්තිකරුවන් වෙනුවෙන් ඇප අයැදීම් සිදුකිරීමට බලාපොරොත්තු වන බව දැනුම් දුනි.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා යළි සිය මතය ඉදිරිපත් කළේය.

"මම පිළිගන්නවා ඇතැම් විත්තිකරුවන් වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇති බව. එබැවින් පැමිණිල්ල ලෙස අප ඉල්ලා සිටිනවා මෙම නීති කෘත්‍යය හදිසි නඩු කටයුත්තක් සේ සලකා කඩිනමින් විභාග කර අවසන් කරන ලෙස. නමුත් පැමිණිල්ල ලෙස අපේ මතය තමයි විත්තිකරුවන් සියලුදෙනා නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාරගත කර මෙම නඩු විභාගය පැවැත්විය යුතුයි කියන එක. මොකද එක් විතිත්කරුවෙකු හෝ අධිකරණය මඟ හැරියහොත් එය නීති කෘත්‍යය පවත්වාගෙන යාමට බාධාවක් වෙන්න පුළුවන්."

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තියේ නීතිඥයින්ට සිය සේවාදායකයින් වෙනුවෙන් ඇප අයැදීම් සිදුකිරීමට ජුලි මස 07වනදා දින ලබාදුනි.

ඒ අනුව නීති කෘත්‍යය සලකා බැලීමද එදින දක්වා කල්තැබුණු බව "අද දෙරණ" අධිකරණ වාර්තාකරු පැවසීය.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana