header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
බිළිඳා දුම්රියේ තැබූ හේතුව මව පාපෝච්චාරණය කරයි
Mar 11, 202304:49 PM
බිළිඳා දුම්රියේ තැබූ හේතුව මව පාපෝච්චාරණය කරයි
Mobitel 1278

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක වැසිකිලියක් තුළ අතහැර ගොස් සිටි බිළිඳාගේ මව සහ පියා අද (11) අත්අඩංගුවට ගෙන තිබුණි.

කොළඹ කොටුවේ සිට - මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ ''මීනගයා'' රාත්‍රී තැපැල් දුම්රියේ වැසිකිලියේ අත්හැර ගොස් සිටියදී මෙම බිළිඳා හමුවුනේ ඊයේ (10) රාත්‍රියේය.

බිළිඳෙකු දුම්රිය මැදිරියක වැසිකිළියක් තුළ සිටින බවට දුම්රිය මගීන්ගෙන් ලැබුණු තොරතුරු මත
වහා ක්‍රියාත්මක වූ කොටුව දුම්රිය ආරක්ෂක අංශය එහි ගොස් පරීක්ෂා කර තිබුණි.

ඒ අනුව කූඩයක් තුළ බහා අත්හැරදා තිබූ මේ බිළිඳා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුළත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.

සතියක් පමණ වන බිළිඳාට එහිදී කිරි පොවා තිබුණේ හෙදියන් විසිනි.

මෙම සිද්ධිය මාධ්‍යයෙන් වාර්තාවීමත් සමග බණ්ඩාරවෙල පොලීසියේ විශේෂ ඒකකයට බිළිඳාගේ මව යැයි සැක සහිත කාන්තාවක් සම්බන්ධයෙන් අද තොරතුරක් වාර්තා වී තිබුණි.

එම තොරතුරට අනුව පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු බණ්ඩාරවෙල නායබැද්ද ප්‍රදේශයේ නිවසකට ගියේ එම කාන්තාව සොයාගැනීම සඳහාය.

ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම කාන්තාව බිළිඳාගේ මව බවට තහවුරු කරගැනීමට පොලීසියට හැකිවිය.

අනතුරුව බණ්ඩාරවෙල පොලීසියේ විශේෂ ඒකකයේ තවත් නිලධාරීන් පිරිසක් ගොස් 25 හැවිරිදි ඇයව අත්අඩංගුවට ගෙන ඇත.

ඇය පවසා ඇත්තේ තමා රාජගිරිය ප්‍රදේශයේ යහළුවෙකුගේ නිවසේ සිට කේක් නිෂ්පාදනයට දායකවී සිටි බවත් එම කාලය තුළ ඇතිවූ ප්‍රේම සබඳතාවක් මත ගැබ් ගැනීම සිදුවූ බවත්ය.

පසුව මෙම කාන්තාව සහ පෙම්වතා වසරක පමණ කාලයක් රාජගිරිය ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබාගත් කාමරයක ජීවත්ව තිබේ.

පසුගිය 25 වනදා දරුවා බිහිකිරීමෙන් පසු එම කුලී නිවසේ කාලය ගත කර ඊයේ පස්වරුවේ දරුවා, පියාට භාරදී බස් රථයක නැගී ඇය බණ්ඩාරවෙල බලා පැමිණ තිබුණි.

ඒ අනුව බිළිඳා ඊයේ රාත්‍රියේ මීනගයා දුම්රියේ වැසිකිළිය තුළ තබා ගොස් තිබුණේ පියා විසිනි.

සිද්ධිය සම්බන්ධයෙන් 25 හැවිරිදි දරුවාගේ පියා ද කොස්ලන්ද ප්‍රදේශයේදී පොලීසිය විසින් අද දහවල් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු පුද්ගලික විශ්වවිද්‍යාලයක අවසන් වසරේ ඉගෙනුම ලැබූ අයෙකි.

ඔහු පොලීසියට පවසා තිබුණේ, තමාත් දරුවාගේ මවත් අවිවාහක බැවින් දරුවා ලැබුණු පසු ඒ පිළිබඳව මව්පියන්ට පැවසීමට මව අකමැති වූ නිසා දරුවා දුම්රියේ දමා යන්නට තීරණය කළ බවය.

කවුරුන් හෝ දරුවාව රැගෙන ගොස් හොඳින් හදා වඩා ගනීවී යැයි සිතා ඔවුන් දරුවාව දුම්රියේ තබා ගියට බව පවසා තිබේ.

තවදුරටත් ඔහු පවසා ඇත්තේ, ඔන්ලයින් රැකියාවක නිරත වන තමන් දරුවා බහා තිබූ ප්ලාස්ටික් කූඩයද එලෙස ඔන්ලයින් ගෙන් වූ එකක් බවය.

කෙසේ වෙතත් දරුවා සහ මව භාරගැනීමට සූදානම් බව පියා පොලීසියට පවසා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ මව සහ පියා හෙට (12) බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..