header logo
SLIC
උණුසුම් පුවත්
නැති උපකරණ හදාගෙන සිදුකළ සැත්කම
Mar 04, 202307:26 PM
නැති උපකරණ හදාගෙන සිදුකළ සැත්කම
EDEX

රට තුළ පවතින ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟය මැද එම අභියෝගය භාරගනිමින් සාර්ථකව සිදුකළ ශල්‍යකර්මයක් පිළිබඳව මහනුවර තෙල්දෙණිය මූලික රෝහලෙන් තොරතුරු වාර්තා විය.

අදාළ ශල්‍යකර්මයට ලක්කර තිබුණේ අන්නස්‍රෝතයේ පිළිකාවක් හටගෙන තිබූ 67 හැවිරිදි කාන්තාවකි.

රෝහල සතු සීමිත සම්පත් ප්‍රමාණය භාවිත කර 67 හැවිරිදි කාන්තාවකගේ අන්නස්‍රෝතයේ තිබූ පිළිකාවක් සාර්ථකව ඉවත් කිරීමට මෙලෙස සමත්වී තිබුණේ මහනුවර තෙල්දෙණිය මූලික රෝහලේ වෛද්‍යවරුන් පිරිසකි.

තෙල්දෙණිය මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කෝසල සෝමරත්න මහතා,

"බෙහෙත් දෙන්න භාවිත කරන සිරින්ජර් ටිකක් කපලා පෝට් හදාගත්තා. ලොකු සිරින්ජරයක් මාර්ගයෙන් එන්ඩෝස්කොපි උපකරණය ඇතුළු කළා. ඒ ලැබෙන දර්ශන හරහා අපි මේ සැත්කම කළා. අමාරු වෙලාවේ රට දාලා යනඑක නෙමෙයි කරන්න ඕනේ. අපිට අධ්‍යාපනය දුන්නේ මේ රටේ ජනතාව. අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තේ. ජපානය, කොරියාව මීට වඩා විනාශ වුණා. එදා ඒ අය රට දාලා ගියානම් අද ජපානයවත් කොරියාවවත් නැහැ."

අවශ්‍ය උපකරණ රෝහල තුළ නොතිබුණත් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය මේ බැරෑරුම් අභියෝගය භාර ගන්නේ රෝගියාගේ ජීවිතය බේරාගැනීම සිය එකම පරමාර්ථය කරගනිමිනි.

ශල්‍යකර්මයට භාජනය වූ කාන්තාව,

"පැය 12ක ශල්‍යකර්මයක් කියලා දොස්තර මට කිව්වා. ඇහැට පෙනෙන දෙවිවරු තමයි දොස්තරලා කියන්නේ."

රට තුළ පවතින ඖෂධ සහ උපකරණ හිඟය ගැටලු රැසක් මේ වනවිට නිර්මාණය කර ඇතත් එම අභියෝග ජයගනිමින් වෛද්‍යවරුන් කළ මෙම කාර්යය සැබවින්ම අගය කළ යුත්තකි.

https://youtu.be/9H-NECBId7g
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට